Gossip

පේෂල මෙදා සැරේ අල්ලන්න හදන අලුත්ම අඩව්ව මෙන්න – ජනප‍්‍රිය තරුවක් සමඟ යුගදිවියට පා තබයිද..?

පේෂල මනෝජ් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිවේදකයෙක්.
ඔහුගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

විශේෂ වැඩකට මුල පුරනවා කියලා ආරංචි වුණා?
ඔව්. නොවැම්බර් මාසේ නව වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී තමයි මේ විශේෂ කටයුත්ත සිද්ධ වෙන්නේ.
මේක මමයි ඉන්දියාවේදී මට ඉගැන්වූ මගේ ගුරුවරයායි” එනම් මගේ උස්තාද් සහ එකතුවෙලා කරන වැඩක්. ටීම් ඉන් ටියුන් කියන සංවිධානයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කෙරෙන්නේ.

මොකක්ද එදාට සිද්ධ වෙන්නේ?
ප‍්‍රසංගයක්.වෙනස් ආරක. මේක ටිකක් ප‍්‍රයෝගික පැත්තට නැඹුරු වැඩක්. ඉස්සරහට තව හුඟක් විස්තර දැනගන්න ලැබෙයි.

ගායක ගායිකාවන් රැසක් සහභාගී වෙන ප‍්‍රසංගයක්ද මේ?
ගායක ගායිකාවන්ටත් වැඩිය මම හිතුවේ ප‍්‍රදීප් රත්නායක” නාද්රෝ රඛිත” රවී බන්දු විද්‍යාපති වගේ පිරිසක් එකතු කරගෙන කරන්න. මොකද මේක ටිකක් ශාස්ත‍්‍රීය පැත්තට වැඩි නැඹුරුවක් තියෙන ප‍්‍රසංගයක්.

මෙවැනි ශාස්ත‍්‍රීය පැත්තට නැඹුරු ප‍්‍රසංගයක් කොතරම් දුරට අපේ පේ‍්‍රක්ෂකාගාරය වැළඳ ගනීද?
ලංකාවේ හැමදාම බෑන්ඞ් එකක් ගහනවා සිංදු කියනවා” බෑන්ඞ් එකක් ගහනවා සින්දු කියනවා” ඕකනේ ඉතිං වෙන්නේ. නමුත් අපි ඉගෙනගෙන ආපු විෂයත් එක්කත් අපි යමක් කරන්න ඕනෑ. සංගීතඥයෙක් කියන්නේ ඉතිං ගායකයෙක් විතරක් නෙමෙයිනේ. එතැනින් එහාට ගිය වෙන දෙයක් තියෙනවා. ඉතිං අපි පුරුදු කරන්න ඕනෑ ලංකාවේ පේ‍්‍රක්‍ෂකාගාරයටත් ඒ වගේ පැත්තක්.

මොකක්ද මේ ඔබ කියන පැතිකඩ?
අපේ රටේ සංගීතය කියලා ගත්තම සමහරෙක් හඳුන ගන්නේ ගීතය විතරනේ. නමුත් ඊට වඩා එහා ගිය වෙන විදිහේ සංගීතමය ප‍්‍රසංගයක් බලන්න විඳින්න අපි අවස්ථාවක් සලසා දෙන්නයි මේ උත්සහ කරන්නේ.

ඔබේ ගීත මේ ප‍්‍රසංගයට ඇතුළත්ද?
මගේ ගීත දෙක තුනකුත් ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මොකක්ද අලූතින් කරන්න හදන වීඩියෝ එක?
චන්දන වික‍්‍රමසිංහ මහත්මයාගේ ”ස්ටෝරි ඔෆ් සීතා” බැලේ එකේ මම සංගීතය කළා. නන්දා මාලිනී මහත්මිය ඒකෙ සීතාගේ කියන ගීතය ගායනා කළා.
ඉතිං ඒකෙ මියුසික් වීඩියෝ එකක් කරන්න මේ දවස්වල ප්ලෑන් කරගෙන යනවා. ඊට අමතරව තවත් ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා.

ඉරාජ් එක්ක එකතුවෙලා ළඟදී නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
පහුගිය දිනවල නොනැවතී කියලා ගීතයක් කළා. හමුදාවේ ආබාධිත අපේ සොහොයුරන් වෙනුවෙන්.
මොකද ඔවුන්ව දැන් ටිකක් අමතක වෙලා වගේ නිසා. ඔවුන් වෙනුවෙන් මැයි මාසේදි වීඩියෝ එකකුත් කරලා රිලීස් කළා. නමුත් ඉරාජ් එක්ක ළඟදී කරන්න නම් ලොකු වැඩකට අත ගහලා නැහැ. බලමු ඉස්සරහට.

ඔබ තරමක් වෙනස් ආකාරයකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරනවනේ. මේ පිටපතක්ද? ඔබේ විදියද? සැලසුම් සහගතව සිදු කෙරෙන්නක්ද?
මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. ලිට්ල් ස්ටාර් ඉවරවෙලා ඒ බෙල්ට් එකට පටන් ගත්ත පොඩි වැඩක් ඔය.
ඒක ඉතිං පස්සේ ටිකක් ලොකුවට කතා බහට ලක් වෙන්න පටන් ගත්තා.
අපි ඉතිං ඔය සාමාන්‍යයෙන් යාළුවෝ හිතවතුන් එක්ක ඉන්න විදිහ තමයි ඔය කැමරාව ඉස්සරහ දැන් නිරූපණය වෙලා තියෙන්නේ. ඒ ඇරුණුකොට පිටපතක් හදාගෙන සැලසුම් කරගෙන කරන එහෙම දෙයක් නෑ.

නිවේදන කටයුතු කරන්න කියලා කවුද මේ අදහස ඔබේ ඔළුවට දැම්මේ?
අර ලිට්ල් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ ඉන්නවනේ මං. එතකොට ඉතිං සචිනි” මාධව” මනෝජ් අයියා අපි ටික විහිළු කරන් ඉන්නවා.
ඉතිං ඒ හින්දා තමයි ඔය වැඩසටහන කරන්න ගත්තේ. පොඩි මාස දෙක තුනකට. නමුත් පස්සේ ඉතිං ඒක ජනප‍්‍රිය වුණා.

පේෂල හැමෝම බයිට් කරනවා. කවදද කට්ටිය ඔබව බයිට් කළේ?
මම සාමාන්‍යයෙන් තාම බයිට් වෙලා නෑ. කියන්න බෑ ඉස්සරහට. එන බෝලෙට ගහන්න බලාගෙන ඉන්නවා.
මං ඉතිං මොනා හරි දෙයක් කිව්වොත් කවුරුත් මුකුත් කියන්නේ නෑ. කට්ටිය සෙට් වෙලා ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ආවට තවම වැඩක් වුණේ නෑ.

රඟපන්නත් ආරාධනා ලැබුණා නේද?
ආරාධනා ලැබුණා. නමුත් එහෙම වුවමන්වක් මට නෑ. මොකද රංගන ශිල්පින් ශිල්පිණියන් ඕනෑතරම් ඉන්නවනේ. ආයේ අපි මොකටද රඟපාන්න යන්නේ.

විවාහය එහෙම කවදා විතරද සිද්ධ වෙන්නේ?
තාම නෑ ඉතිං. බලමු ඉස්සරහට. විවාහ වෙනවට වැඩිය මෙහෙම ඉන්න එක හොඳයි කියලත් වෙලාවකට හිතෙනවා.

ඇයි ඒ?
හරිම නිදහස්නේ.

ඒ කියන්නේ එහෙම නිදහස් නැති කාලයක් තිබ්බද ජිවිතේ?
මෙහෙමයි… විවාහ වුණහම සමහර අය මේ වෘත්තීය තේරුම් ගන්නේ නෑනේ. ඉතිං මෙහෙම යන එක හොඳයි කියලා හිතෙනවා. බලමු ඉස්සරහට.

උපුටා ගැනීම – යුගන්ති යශෝධරා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!