Gossip

“පෙම්වතාට පිළිකාවක්.මුහුණත් විකෘති වෙලා.ළඟින් ඉඳන් උපස්ථාන කළේ පෙම්වතිය.ඒත් අන්තිමට පෙම්වතා මියයනවා” – ලොවක් හැඬවූ සංවේදී ආදර කතාව මෙන්න – වීඩියෝ

මුහුණුපොත හරහා හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් ගැන මේ වෙද්දි ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
තමන් ආදරය කළ පෙම්වතාට දරුණු පිළිකාවක් වැළඳී තිබියදී මියයන තුරුම ආදරෙන් බලාගන්න පෙම්වතියක් ගැනයි එම ඡායාරූපවල කතාව වෙලා තිබුණේ.
මෙම සිද්ධිය වාර්තාවුණේ තායිලන්තයෙන්.
එරට Songkhla Province හි හිටපු තරුණයෙක් වන Pooh Chokchai Kaew සහ Atittaya Chumkeaw දෙදෙනා පෙම්වතුන්.
හීනෙකින්වත් නොහිතුව විදිහට Pooh Chokchai Kaew නම් තරුණයා දරුණු පිළිකාවකින් පෙළෙන බව දැනගන්නේ පෙම්වතුන් වී වසර කිහිපයක් ගතවූ පසුවයි.
තමන්ගේ මුහුණත් විකෘති වෙලා යද්දි මේ තරුණයා හිතන්නේ ආදරේ කරපු හැමදේම ඔහුට නැතිවෙලා යයි කියලයි.
නමුත් ඒ සියල්ල වැරදි බව පසක් කරමින් ඔහුට ආදරය කළ පෙම්වතිය Atittaya පිළිකාව පිළිබඳව දැනගෙනත් ඔහුගෙන් වෙන් නොවී සිටීම නිසයි.
මුදල් මත, ලස්සන මත හැමදේම හිමි වෙන අහිමිවෙන ලෝකයක තමන්ගේ අතින්ම පෙම්වතාට උපස්ථාන කරන්න මේ පෙම්වතිය තීරණය කරනවා.
කාලයත් සමග Pooh නොහිතපු විදිහට තමන්ගේ මුහුණ සම්පූර්ණයෙන් විකෘති වෙනවා.
ඒ හැමදේකින්ම ඇතිවුණු දුක දරාගන්න ඔහුට ශක්තියක් වෙන්නේ පෙම්වතියයි.
හැමදේම ඉවසගෙන පෙම්වතාගේ ළඟින් හිටියත් ජීවිතේ ඉවසගන්නම බැරි දවස Atittaya උදාවුණේ මේ වසර ආරම්භයේදිමයි.
මදේම නොසැලුණු මනසකින් දරාගත් Atittaya ට දරාගන්න බැරි ඒ දවස උදාවුනේ මේ වසර ආරම්භයේදීයි.
ඒ Pooh ගේ සමුගැනීමයි. අන්තිමට Pooh මියයනවා.
ජීවිතේ හැමෝම ප්‍රශ්නවලදි කරදරවලදි අත්හැරලා යන අවස්ථාවක Atittaya තම පෙම්වතා වූ Pooh ගේ අවසන් කටයුතු කෙරෙනකම් ඔහුගේ දේහය අසලින් නොසෙල්වී සිටින්නේ ආදරයේ නියම අරුත ලොවටම පෙන්වමින්.
තම ආදරණීය පෙම්වතා වෙනුවෙන් ජිවිතයම කැප කළ Atittaya තවමත් Poohගේ මතකය සමඟ ජීවිත ගමන ගෙනයනවා.

පසුගිය දවසක Pooh වෙනුවෙන් Atittaya මේ විදිහේ අපූරු වීඩියෝවක් මුහුණුපොතට එක්කරලා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!