Gossip

පුටුවක හාන්සි වෙලා හිටිය ව්‍යාපාරිකයාව වෙළඳසැල තුළම ඝාතනය කරයි

‍‍දෙහිවල ගුවන් පාලම ආසන්නයේ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අදාළ වෙළඳසැලේ ප්‍රධාන දොරටුව අඩක් වසා මෙම හිමිකරු පුටුවක නිදාගෙන සිටියදී කිසියම් පුද්ගලයෙකු මෙම පහර දීම සිදු කර තිබෙනවා.

වෙළඳසැලට ඇතුළු වූ මෙම පුද්ගලයා වෙළදසැල් හිමියා එහි සිටිනු දැක කලබලයට පත්වී ඔහුට තියුණු ආයුධයකින් පහර දී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු මුදල් සොරකම් කිරීමේ අරමුණින් වෙළදසැලට ඇතුළු වී ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

ඝාතනය සිදුවන ආකාරය සහ සැකකරු වෙළදසැලට ඇතුළු වන අයුරු සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති අතර පොලීස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!