Gossip News

පිලිපීන සංක‍්‍රාන්ති ලිංගික කාන්තාව මැරූ සෙබළාට ජනාධිපති සමාව

සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවී දස අවුරුදු සිරදඬුවම් ලබා සිටි ඇමරිකානු මැරයින් සෙබළෙකු පිලිපීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදී නිදහස් කර ඇමරිකාවට පිටුවහල් කර තිබෙනවා.
මොහු මේ වන විට අදාළ සිරදඬුවමෙන් හය වසරක් ගෙවා දමා තිබිණි. මෙම ඇමරිකානු සෙබළා පිලිපීනයේ යුද අභ්‍යාසයකට සහභාගි වෙමින් සිටින අතර හෝටල් කාමරයක් තුළදී අදාළ 26 හැවිරිදි කාන්තාව ඝාතනය කර තිබිණි.
ඒ වන විට ඇමරිකානු සෙබළාගේ වයස අවුරුදු 19 ක් විය. කාන්තාවක බව හඟවමින් මොහු සමග හෝටල් කාමරයට ගිය එම කාන්තාව පිරිමියකු බව දැන ගැනීමත් සමග කෝපයට පත්ව ඇමරිකානු සෙබළා මෙම ඝාතනය සිදු කරන ලද බව නඩු විභාගයේදී හෙළිවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!