Gossip News

පියාගේ ලොරි රථයට යටවෙලා අවුරුදු දෙකක දරුවා මියගිහින්..

වීරකැටිය පොලිස් වසමේ දී කුඩා දරුවෙකු නිවසේ මිදුලේ නවතා තිබූ ලොරි රථයක් නැවත ඉදිරියට ගැනීමට යාමේදී ලොරි රථයේ පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහල්ට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගිය දරුවා වයස අවුරුදු 2යි මාස හයක දරුවෙක් වන අතර අංක 24ක් එක ඉංගිනිය ගොඩැල්ල කුඩා බිබුල, ජුලම්පිටිය ලිපිනයේ පදිංචි ලිපිනයේ පදිංචිව සිටි ජයවික්‍රම ආරච්චිලාගේ දිදුල නම් දරුවා මේ විදියට ලොරි රථයට යටවී තිබෙනවා.

මෘත ශරීරය වීරකැටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වන මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!