Gossip

පිදුරංගල ගිහින් රැල්ලට අඩනිරුවත් ඡායාරූප ගත්ත තරුණයින්ගේ අනාගතය වෙනුවෙන් අධිකරණයෙන් තීන්දුවක්

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තිදෙනාව අද නිදහස් කර තිබෙනවා.

ඒ දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතාගේ නියෝගයකට අනුවයි.

සිද්ධියේ පළමු විත්තිකරු වූ පාසල් සිසුවාට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1500 බැගින් වූ රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝ කර අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබෙනවා.

තරුණයින්ගේ අනාගතය පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබාදුන් බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේ.

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මොවුන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වනදායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!