Gossip News

පැය 5කට පසු මංගල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05ක පමණ කාලයක් ප‍්‍රකාශයක් ලබාදෙමින් පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

අප වාර්තාකරු සදහන් කළේ මංගල සමරවීර මහතා අද පෙරවරු 09.30ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ලංගම බස් රථ මගින් මන්නාරම සිලාවතුර ප්‍රදේශයට ප්‍රවාහනය කිරිමේ සිද්ධියකදී සිදු වූ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සදහා මෙලෙස පැමිණියේය.

මේ සම්බන්ධයෙන් පසුගිය 14 වැනිදාද මංගල සමරවීර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05කට අධික කාලයක් රැදී සිට ඇති අතර, එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!