Gossip News

පැය 24ක් තුල පමණක් ඉතාලියේ කොරෝනා මරණ 800 ක්, ලොව පුරා මරණ 13,050 දක්වා ඉහලට

නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4825 දක්වා ඉහළ ගොස් තිඛේ.

ඊයේ දිනය තුල පමණක් ඉතාලියේ කොරෝනා මරණ 800 ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ වන විට කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම පිරිසක් මරණයට පත්ව ඇත්තේ ඉතාලියෙනි. එරටින් වෛරසය ආසාදිතයින් 53578 දෙනෙකු වාර්තා වනවා.

ගෝලිය වසන්ගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයෙන් ලෝකයේ පුද්ගල මරණ 13050 ක් සිදුව තිඛේ. ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!