Gossip

පාසලේදී අසනීප වෙලා රෝහලට ගිය 13 හැවිරිදි දැරිය අටමස් ගැබිණියක් – සැත්කමකින් පසු බිළිඳා බේරෙයි

පාසලේදී හදිසියේ අසනීප වූ දහතුන් හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය වූ බව තංගල්ල මූලික රෝහල් ආරංචිමාර්ග පවසනවා.

රන්න ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දහතුන් හැවිරිදි දැරියක පාසලේදී හදිසියේ අසනීප වී ඇති අතර පාසලේ ගුරු මණ්ඩලය විසින් දැරියගේ භාරකරුවන්ට කළ දැනුම්දීමකින් අනතුරුව දැරියගේ කුඩම්මා පැමිණ ඇය පාසලේ සිට පාසල් නිළඇදුමෙන්ම ඉකුත් 11 දින තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහලේදී අනාවරණය වී ඇත්තේ බාලවයස්කාර දැරිය අටමස් ගැබිණියක බවයි. දැරියගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් ඇයට ශල්‍යකර්මයක් සිදුකර බිළිදා බේරාගෙන ඇති අතර මේ පිළිබදව රෝහල් බලධාරින් හුංගම පොලිසියද දැනුවත් කර ඇති බවට වාර්තා වනවා.

අසාධ්‍ය තත්වයේ පසුවූ බාලවයස්කාර දැරිය මේ වන විට සුව අතට පත්වෙමින් පවතින බවද බිළිදා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල හුංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.බී.සී ප්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරිහු රන්න කහදමෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා බාල වයස්කාර දැරියගේ මාමා වන අයෙකු වන අතර මොහු දැරියගේ නිවස ආසන්නයේ නිවසක පදිංචිව සිට ඇති බවද පොලිසිය ප්‍රකාශ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!