Gossip News

පාසලට පැමිණෙමින් සිටිය දැරිය ලැගුම්හලකට ගෙන ගිහිල්ලා

16 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් ලැගුම් හලකට රැගෙන ගොස් අයුතු ලිංගික හැසිරීම්වල නිරත වීමට උත්සාහ කළ 34 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ඔහුට ලැගුම්හල ලබාදුන් 64 හැවිරිදි ලැගුම්හල් කළමනාකරු පෙරේදා (08) දා දහවල් අත්අඩංගුවට ගත් බව කොටවිල පොලිසිය පැවසීය.

කොටවිල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සහ බාලවයස්කාර දැරිය ලැගුම්හල තුළදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

16 හැවිරිදි බාලවයස්කාර දැරිය උදෑසන පාසලට බසයෙන් පැමිණෙමින් සිටියදී සැකකරු විසින් දැරිය මාතර ගොඩගම ප‍්‍රදේශයේදී බසයෙන් බස්සවා සැකකරුගේ ත‍්‍රිරෝද රථයෙන් ලැගුම්හල වෙත රැගෙන ගොස් ඇත.

සැකකරු දෙදරු පියෙකු බවත්, ත‍්‍රිරෝද රැකියාවේ නිරත වන අයකු බවත් සිදුකළ විමර්ශනයන්හිදී අනාවරණය වූ බව කොටවිල පොලිසිය පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව උපත් පාලන කොපු කිහිපයක්ද තිබී සොයා ගන් බව පොලිසිය පැවසීය. බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයන් සඳහා මාතර මහ රෝහල වෙත යොමුකර ඇත. සැකකරු සහ ලැගුම්හල් කළමනාකරු ඊයේ (09) දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!