Gossip

පාවාදීම්වලින් අංක එක ශ්‍රී ලංකාව.. අපේ රටට ක්‍රිකට් අහිමිවෙයිද..? – ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ලැබුණු රතු නිවේදනය මෙන්න

අපේ රටේ ක්‍රිකට්වලට පණ වගේ ආදරේ කරන ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා.
මේ දවස්වල හැමෝම කතාවෙන්නෙත් ක්‍රිකට් ගැන.
ඒ පසුගිය කාලේ පුරාම එක දිගට අපේ ටීම් එක පරාජයන් රැසක් අත්කරගත් නිසා.
මේ කියන්න යන්නේනම් සුබ ආරංචියක් ගැන නෙවෙයි.
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව කියලා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබෙනවා.
මේ බව පසුගිය ඉරිදා පැවැත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම තරඟ පාවාදීම් සම්බන්ධයෙන් අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බව අයි.සී.සී. බලධාරීන් පවසා තිබෙන බවත් සඳහන්.
දිගින් දිගටම මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට් තත්ත්වය ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමටත් සිදුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, වැඩිදුරටත් දැනුම් දී ඇති බවත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!