තරු හුට පට

පාර්ලිමේන්තුව හෙට (25) විසුරුවන රහසක් අකිලගෙන් හෙළි වුණ හැටි

පාර්ලිමේන්තුව හෙට (25) බොහෝ දුරට විසුරුවා හැරෙන බව ඉඟියක් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුහුණෙන් ඊයේ ප්‍රදර්ශනය වුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේ තවත් ඇමතිවරයෙකු වන සමාජ සුබසාධන ඇමති පී හැරිසන් මහතා අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඇසූ ප්‍රශ්න කිහිපයක් සමගයි.

එක්සත් ජාතික පක්ෂය ඊයේ සිරිකොතදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඒකට ආවේ අකිල හා හැරිසන් ඇමතිවරු දෙන්නායි.

මාධ්‍ය හමුව නිල වශයෙන් ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබියදී පී හැරිසන් ඇමතිවරයා අකිල වි‍රාජ්ගේ මුහුණේ බැරෑරුම් ස්වරූපයක් දැක කිසි ප්‍රෙෂ් ගතියක් නෑ නේ කියමින් ප්‍රශ්න කිහිපයක් අසන්නට වුණා.

හැබැයි හැරිසන් ඇමතිවරයා දන්නේ නෑ මේ වේලාවේ තමන්ගේ ශබ්දය මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවල පටිගත වන බව.

එහෙම වුණත් අකිල විරාජ් කාරියවසම් මහත්තයා නම් ඒ ගැන දන්නවා වගේ හැරිසන්ට උත්තර දුන්නේ ඔළුව වන වනා..

එතනදී තමයි පාර්ලිමේන්තුව විසුරුවන කතාව ගැන මෙහෙම ඉඟියකුත් ආවේ.

මේ වීඩියොවෙන්ම ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා බලාගන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!