Gossip News

ප්‍රවීන චිත්‍රකතා ශිල්පී කලාභූෂණ එස්. ඒ. දිසානායක අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීන චිත්‍රකතා ශිල්පී කලාභූෂණ එස්. ඒ. දිසානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 88 වැනි වියේ පසු වී තිබෙනවා.

හැටේ දශකයේ මුල් භාගයේ නවයුගය සඟරාවෙන් චිත්‍රකතාකරණයට පිවිසි දිසානායක මහතා වසර 50කට අධික කාලයක් දිවයිනේ විවිධ පුවත්පත් සහ සඟරා වලට චිත්‍රකතා නිර්මාණය කර තිබෙනවා.

ඔහු නිර්මාණය කළ චරිත අතරින් බූ, බබා, තුල්සි, බටකොල ආච්චි, යෝධයා, පඬිතුමා පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් වූ අතර ඔහු විවිධ ග්‍රන්ථ රාශියක් ද පළ කර තිබෙනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ දිසානායක මහතා ගුරුවරයෙක් ලෙස ද සේවය කලේය .

අභාවප්‍රාප්ත එස්. ඒ. දිසානායක මහතාගේ දේහය ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට භාර දීමට නියමිතයි. මේ වන විට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!