Gossip

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මියගිය බවට මුහුණුපොතේ සටහනක් තැබූ කීර්ති පැස්කුවෙල් සමාව ගනී – Photos

ලංකාවේ කලා ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ කලාකරුවෙක් තමයි අමරසිරි කලන්සූරිය කියන්නේ.
ඔහු මේ වෙද්දි ඉන්නේ අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකරලා.
අමරසිරි කලංසූරිය මියගියා කියන ආරංචියක් ඊයේ සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර ගියා.
එකට හේතුව වුනේ කීර්ති පැස්කුවෙල් මහතා අමරසිරි කලංසූරිය මිය ගියා කියලා දාපු Facebook පොස්ට් එක.
හැබැයි තාමත් අමරසිරි කලන්සූරිය මහතා ජීවතුන් අතර ඉන්නවා කියලා එතුමාගේ පුතා සඳහන් කර තිබුණා.
මේ ගැන දැනගත් පසු කීර්ති පැස්කුවෙල් මහතා ෆේස්බුක් හරහා සමාව ගනිමින් සටහනක් තබා තිබුණා.
එතුමාට තොරතුරු දුන්නේ විශ්වාසවන්තම පුද්ගලයෙක් නිසා අමරසිරි කලන්සූරිය මහතා මියගියා කියලා Facebook සඳහන් කරන්නේටහනක් දැම්මා කියලයි කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කර තිබුණේ.

එම සටහන පහතින්..

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය හිතවතානෙනි…
ඔබ මියගියා යැයි කියු ඒ අසත්‍ය පුවත මා හට පැවසුයේ ඉතා විශ්වාසවන්තයෙක්. ඒ නිසාම මා ඔබ මියගියා යන පුවත මුහුනු පොතේ පළ කල අතර එය මා අතින් සිදුවුනු බලවත් වරදක්. ඒ පිලිබඳව සිය දහස්වාරයක් ඔබ තුමාගෙනුත් පවුලේ සියලුදෙනාගෙනුත් රසිකයන්ගෙන් සහ සියලු ජනතාවගෙනුත් සමාව අයැද සිටිමි. 
මේ පිළිබඳව යම් මා බලවත් ලෙස කණගාටුවටත් කම්පාවටත් පත්වී සිටින බවද දන්වා සිටිමි.
දයාබර අමරසිරි අයියේ ඔබට නිරෝගි සුවය ලැබ චිරාත් කාලයක් ජීවත්වෙන්නට වාසනාව ලැබේවා. තෙරැවන් සරණයි සියලු දෙවි පිහිටයි.
කීර්ති පැස්කුවල්.
ශ්‍රි ලාංකේය ගායක ගායිකා සංගමය…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!