Gossip

ප්‍රවීණ ගායකයාගේ තරුණ බිරිය කරපු වැඩ සේරම හෙළිවෙයි – සීසීටීවී කැමරාවලත් සටහන් වෙයි

ප්‍රවීන ගායකයාගේ වත්මන් බිරිය වන හෂිනි රත්නායකට ඊයේ දිනයේ (09) සිරගතවන්නට සිදුවුණා.

ඒ තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී සිදු කළ බව කියන වංචාවක් සම්බන්ධයෙනුයි.

බැංකුවේ සේවය කළ කාලයේ උකස් බඩු බාර ගන්නා අංශයේ සේවය කරමින් සිට ඇති ඇය කුවේට්හි සේවය කරන බැංකු පාරිභෝගික කාන්තාවක බැංකුවට උකස් කළ රුපියල් 6,80,000ක් පමණ වටිනා රන් භාණ්ඩද තංගල්ලේ පදිංචි තවත් බැංකු පාරිභෝගික පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන් භාණ්ඩ ද සොරාගෙන ඇති බව අදාළ පැමිණිල්ලෙන් දැක්වෙනවා.

බැංකු සේප්පුව පරීක්ෂා කිරීමේදී කුවේට් කාන්තාවගේ රන් භාණ්ඩ එහෙම පිටින්ම අස්ථාන ගත කර තිබෙන අතර තංගල්ල පුද්ගලයාගේ රන් භාණ්ඩ වෙනුවට ඒහා සමාන ඉමිටේෂන් බඩු බැංකු සේප්පුවේ තැන්පත් කර ඇති බවද හෙළිව තිබෙනවා.

ඇය මෙම සොරකම කර ඇති බවට සැකකරන්නේ බැංකු කළමනාකරු සැපයූ සීසීටීවී සාක්ෂිද උපයෝගයෙන් බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

කළමණාකාර මහතාට මෙම සාක්ෂි සපයන්නට සිදුවූයේ දැනට කුවේට්හි ගෘහසේවිකා රැකියාවක යෙදී සිටින කාන්තාව සහ අනෙක් පුද්ගලයා 2016 වසරේ දී තංගල්ල පොලිසියට කර තිබූ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් පසුවයි.

මෙම දෙදෙනා මෙසේ රන් භාණ්ඩ උකසට තබා ඇත්තේ 2014 වසරේදීය. කුවේට්හි සේවය කරන කාන්තාව 2016 නිවාඩුවකට මෙරටට පැමිණ තමා උකස්කර ගිය රන් භාණ්ඩ බේරා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ එම රන් භාණ්ඩ එහි නොමැති බව දැනගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබූ අතර පසුව බැංකුවෙන්ද ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබුණා.

මේ ගැන බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් කරද්දී අනිත් පුද්ගලයා උකස් කර තිබූ රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා රන් භාණ්ඩ වෙනුවට රන් ආලේපිත භාණ්ඩ සොයා ගැනීමට හැකිවී ඇති බවට වාර්තා පළ වුණා.

රාජ්‍ය සේවයේ නිරතව සිටිමින් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපළ ආඥා පනත යටතේ චෝදනා නගමින් ඇය අධිකරණයට ඉදිරිපත් කෙරූ පසු ඇයව සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!