Gossip

ප්‍රබාකරන්ලා 7ක් ඉන්නවා කියලා මම අහල තියෙනවා – ප්‍රබාකරන් මරන්න බෑ කියලා මට ඇහිලා තියෙනවා

අද මැයි මාසේ 18 වෙනිදා… 30 වසරක් තිස්සේ අපේ රට වෙළාගෙන තිබුණු කුරිරු ත්‍රස්තවාදීන් පරාජය කළේ අද වගේ දවසකයි.

ඉතින් තිස් වසරක් තිස්සේ අපිට අහන්න දකින්න ලැබුණු දේවල් ගැන කියැවෙන සටහනක් සමාජජාල මාධ්‍යයන්වල දැකගන්නට ලැබුණා.

මේ ඒ සටහනයි.

ඉස්සර ,

ප්‍රබාකර්න්ලා 7ක් ඉන්නවා කියලා
මම අහල තියෙනවා
ප්‍රබාකරන් මරන්න බෑ කියලා
මට ඇහිලා තියෙනවා
මිනිහා ඉන්නෙ පොලව යට තට්ටු ගානක අරක්ශිතව කියල
අහල තියෙනවා.
පොලවෙන් ඉන්දියාවට යනව කියල
අහල තියෙනවා.
බස් වල බෝම්බ කීයක් පුපුරලද,
කීයක් මැරිලද,කියල දැනගන්න
news අහල තියෙනවා.
කකුල් කෑලි,ඔලුගෙඩි කෑලි,අතපය දැකලා
කලකිරිලා තියෙනවා.
බස් වල යනකොට පරාන බය දැනිලා තියෙනවා.
අම්මා අප්පා,බොහෝවිට දෙන්නම මැරිලා
අඩන වැලපෙන උන්ගේ අදෝනා අහල තියෙනවා.
දළදා වහන්සේට ,ශ්‍රී මහා බෝධින් වහන්සේට
ගැහුව කියලා ඇහිලා
හිතට වේදන්වාක් ඇවිත් තියෙන්වා.
ඉස්කෝල අවට කොටි ඒවි කියලා කටකතා යනකොට;අම්මලා තාත්තලා ඉස්කෝල ලග පොලු+පිහි අරන් මුර කරනකොට;
ඩෙස් එකක් පෙරලෙනකොටත් ගැස්සිලා තියෙන්වා.

ගම් වලට පැනලා;මිනිස්සුන්ගෙ බෙලි කපලා;
උල් වලින් ඇනලා;ඔලු පැලෙන්න මන්නා පිහි වලින් කොටලා;
අමු අමුවේ පුච්චලා;
අහින්සක කිරි සප්පයන් පොලවේ ගහලා මරලා;
කිරි බිබී ඉන්න පොඩි එවුන් කකුල් දෙකෙන් අල්ලා බිතිතිවල ගහලා මරලා;
දුවාගන්න බැරි වයසක මිනිස්සු කපලා-කොටලා දාලා;
හාමුදුරුවන් අමු අමුවෙ කපලා දාලා
බඩදරු අම්මලාගේ කුසේ සිටින එකා එලියට පනින්න කුසට මොට පිහි වලින් ඇනලා;
ගම්මාන පිටින් මරද්දි;
ලේ රත් වෙලා තියෙන්වා.
ඒත්,
මිනිහෙක්ට යුද්දෙට යන්න බය හිතුන ඒ කාලෙ,
ජීවිතය ගැන නොසිතා,වැඩූ අම්මා හැදූ අප්පා ලැබුන ගෑනී,ලැබෙන්නට ඉන්න හුරතල් පොඩි එකා දාලා යුද්දෙට ගිහින් ,
උබල අපට දුන්න නිදහස අමතක කරන්න තරම් අපි කුහකයො නෙවේ.
ස්තුතියි උබලට.

[hint-“මිහිපිට දැකිය හැකි දෙවිවරු” කියල post 1ක් දැක්කා.සහ ඉස්සර බෝ ගසක් ලඟ කව්ද කියනව ඇහුනා ‘අනේ මේ සාපෙන් අපි බේරගන්න දෙවියනේ’ කියලා ]

(උපුටාගැනීමකි)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!