Gossip

“පළමුව කරන්නේ මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි හදන එක. මේ රටේ හැම ඔළුවක්ම හැදිලා තියෙන්නේ අනුන්ව විනාශ කරල තමන් හැදෙන්න” – ජනප්‍රිය නිළි දුලීකා මාරපන රටේ නායකයා වෙයිද..?

දුලීකා මාරපන මෙරට රංගන ක්ෂේත්‍රය තුළ නවමු වෙනසක් ඇති කළ රංගන ශිල්පිනයක්.
ඇය රඟ පෑ නිර්මාණ අතර සමනළ තටු සිනමා පටය අදත් රසිකයන් අතර මතකයේ රැඳී තිබෙනවා.
රංගනයට වගේම ගායනයටත් දක්ෂ දුලීකා ක්ෂේත්‍රයේ කා අතරත් සුහදශීලි චරිතයක්. ඉදිරියේදි තිරගත වීමට නියමිත ‘සුපර්ණා’ සිනමා පටය ඇයගේ කුලුඳුල් නිර්මාණය වන අතර එය මෙරට අස්සක් මුල්ලක් නෑර සියලුම ජනතාව නැරඹිය යුතු සිනමා නිර්මාණයක් ලෙසයි දුලීකා පවසන්නේ.
මේ ගැනත් තවත් විස්තර ගැනත් ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

දුලීකා පුංචි කාලයේ සිටම හීන මැව්වෙ කවුරු වෙන්නද?
පුංචි කාලෙ සිටම මේ රැකියාව කරනවා කියා ඉලක්කයක් තිබුණේ නෑ. කවුරු වෙනවද කියල හීනයක් තිබුණෙත් නෑ.
නමුත් රටම දන්න, රටම කතාකරන චරිතයක් වෙන්න ඕනෑ කියන අදහස හිතේ තිබුණා.
මගේ අම්මා කැමැති වුණේ මම සංගීත ගුරුවරියක හෝ චිත්‍ර ගුරුව‍රියක වෙනවාට. ‍මගේ ඥාතීන් බොහෝ දෙනෙක් සිතුවේ මම ලොකුවුණාම දේශපාලනයට යයි කියලා.
ඒ මම පුංචි කාලෙ ඉඳන්ම කටකාර නිසා වෙන්න ඇති. නමුත් ඒ සියල්ලම නොවී අවසානයේ රංගන ශිල්පිනියක් වුණා.

රංගන ශිල්පිනියක වීම ගැන තෘප්තිමත්ද?
රංගන ශිල්පිනියක වීම ගැන සතුටුයි. ඒ ජනතාව ආදරය කරන චරිතයක් වීමට ලැබුණු නිසා.

කැමැත්තෙන් කියවපු පොත මොකක්ද?
මගේ ජීවිතයට වඩාත්ම සමීපවුණු ආසාවෙන්ම කියවපු පොත ගුරු ගීතය.
මට මතකෙ හැටියට මම ඒ පොත මුලින්ම කියෙව්වේ කුඩාම වයසෙදි. එදා ඉඳන් ඒ පොත කියවපු වාර ගණන කියන්න බැහැ.
ඒ තරමට මම ඒ පොත මගේ ජීවිතයට බද්ධ කර ගත්තා. එහි එන අල්තීනායි ලෝකෙට යන්න, ජීවිතය ජයගන්න දරන උත්සාහය මම මගේ ජීවිතයට ආදර්ශයක් කරගත්තා. මම හිතන්නේ එහි එන දුයිෂෙන් වගේ ගුරුවරු නම් හොයාගන්න අමාරුයි.

ඔබ කැමැතිම සිනමා පටය ..
ask the dust (දූවිල්ලෙන් අහන්න) කියන ඉරාන චිත්‍රපටයට කැමැතියි. කොහොමටත් මම කැමැති ඉරාන, ස්පාඤ්ඤ චිත්‍රපට නැරඹීමට.

කැමැතිම රංගන ශිල්පියා ශිල්පිනිය සහ ගායකයා සහ ගායිකාව..
ගාමිණී ෆොන්සේකා, ධර්මප්‍රිය ඩයස් වැනි රංගන ශිල්පීන්ට කැමැතියි. අයිරාංගනී සේරසිංහ තමයි මා වඩාත් සිත්ගත් රංගන ශිල්පිනිය. ඇය ආදරණීය ගැහැනියක්.
ඇය මොන රඟපෑම කළත් මගේ සිත්ගන්නවා. එසේම මා ප්‍රිය කරන ගායිකාවන් අතර නන්දා මාලනිය මා වඩාත් සිත්ගත් ගායිකාව.
ඇය මගේ සංගීත ගුරුවරිය. එතුමියගේ හඬ පෞරුෂය ගීතයෙන් මනාවට පිළිබිඹු වෙනවා.
විශේෂයෙන් අසූව දශකයේ ඇය ගායනා කළ පවන ගීතවලට තමයි වඩාත් කැමැති. ගායකයන්ගෙන් චිත්‍රාල් සෝමපාල සහ දුමාල් වර්ණකුලසූරියගේ ගීතවලට කැමැතියි.

තවත් කෙනෙක් කරනවාට අකැමැතිම දෙය..
මම හරිම අකැමැතියි මිනිහෙක් පෞරුෂයෙන් හීන වෙනවා දකින්න. මිනිසුන් වුණහම ජව සම්පන්න වෙන්න ඕනෑ.
ඔහුට හොඳ ක‍ෙශ්රුවක් තිබිය යුතුයි. මම නිතරම ඇසුරු කරන්න වුණත් කැමැති හොඳ පෞරුෂයක් තිබෙන මිනිසුන්ව.
ඒ වගේම ගස්කපන, පරිසරයට හානි කරන මිනිසුන්ව මට පේන්න බැහැ. මට ගසක් කපනව දැක්කම පුදුම වේදනාවක් දැනෙනවා. ගහක් කියන්නේ ප්‍රාණයක්.

රංගන ශිල්පිනියක ලෙස සමාජයට දෙන ආදර්ශය මොකක්ද?
මම සෑම විටම අද දවසේ ජීවත්වෙන කාන්තාවක්. අද දවස ජීවත්වන ගමන්ම හෙට දවසටත් අඩියක් තියනවා. හැම විටම පොදු ජනතාව සමග ඉන්න උත්සාහ කරන අවර්ණ චරිතයක්. මට සමාජයට කියන්න තියෙන්නේ හොඳ දේ වපුරන්න හොඳක් වේවි.

ඔබ රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ..
පළමුව කරන්නේ මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි හදන එක. මේ රටේ හැම ඔළුවක්ම හැදිලා තියෙන්නේ අනුන්ව විනාශ කරල තමන් හැදෙන්න.
ඇතැමුන් පරමාදර්ශී වෙන්න හදන්නෙ තමන් වැරැදි කරකර. ඒ නිසා මේ සියල්ල වෙනස් කරන්න නම් පාලකයාගේ පටන් පොඩිම එකා දක්වා ඔළුගෙඩි හැදුවම රට සුබවාදි වෙයි.

වැඩිපුරම සංචාරය කරන්න කැමැති ස්ථානය..
ලංකාවේ නම් පානම සහ ආරුගම්බේ සංචාරය කරන්න කැමැතියි. දැන්නම් ඒවායෙත් පරිසරය විනාශ කරලා. ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරය කරන්න කැමතියි.

වඩාත්ම සිත් ගත් නායකයා..
ඇමරිකාවේ ජනාධිපතිව සිටි බැරැක් ඔබාමා මා ප්‍රිය කරන නායකයෙක්.
ඔහු තුළ හොඳ නායකත්වයක් වගේම හොඳ දැක්මක් තිබුණා. ලංකාවේ නම් මහ පොළොවට ආදරය කරන නායකත්වය දරන්න සුදුසු මිනිසෙක් තවමත් අම්ම කෙනෙක් බිහිකරලා නෑ.

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!