Health & Beauty

පලංචියෙන් වැටුණු තරුණයාගේ අත කැපුවේ සිංහල බෙහෙත් නිසාද? ආයුර්වේද වෛද්‍යවරයෙකු කරපු අපූරු හෙළිදරව්ව මෙන්න

පලංචියකින් වැටී දකුණු අතේ වැලමිට ළඟින් අස්ථි පැනීමකට ලක්වූ විසි හැවිරිදි තරුණයෙකුට කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙකු පත්තුවක් බැඳීමෙන් කළ ප්‍රතිකාරයක් වැරදී දකුණු අත අප්‍රාණික වී රෝගය උත්සන්න වූ අවස්ථාවේදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වැලමිට ළඟින් අත කපා ඉවත් කිරීමට සිදුවූ පුවතක් පසුගියදා ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා.

මෙලෙස වාර්තා වූ කතාව නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන තවත් අයෙකුට ප්‍රතිකාර ගන්නට සැකයක් ඇතිවෙන්න පුළුවන්.

කෙසේවෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් නාවින්න ආයුර්වේද රෝහලේ වෛද්‍ය සම්පත් අත්තනායක මහතා කියා සිටින්නේ දේශීය ප්‍රතිකාරයේදී නිවැරැදි ප්‍රතිකාර භාවිතා කළහොත් ඉතාමත් ඉක්මනින් කැඩුණු අස්ථියක් සවිකරගත හැකි බවයි. සමහර පුද්ගලයින්ගේ තිබෙන මිත්‍යාමත, වැරදි විශ්වාස සහ වැරදි ක්‍රම නිසා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ කැඩුම් බිඳුම් වෙදකම අපකීර්ථියට ලක්ව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ ඒ සම්බන්ධයෙන් කළ සම්පූර්ණ වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!