Gossip

පරිගණක ක්‍රීඩාවක් නිසා අවුරුදු 09ක දරුවෙක් තමන්ගේ අක්කාට වෙඩි තියලා

පරිගණක ක්‍රීඩාවක් මුල් කර ගනිමින් 09 හැවිරිදි දරුවෙකු සිය සොයුරියට වෙඩි තබා තිබෙනවා.

අමෙරිකාවේ මිසිසිපි ප්‍රදේශයේයි මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ.

අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 13 හැවිරිදි දැරියක්.

එම දැරිය පරිගණක ක්‍රීඩාවේ නිරතව සිටියදී තමාට ද ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඇයගේ කුඩා සහෝදරයා විසින් ඉල්ලා ඇති අතර දැරිය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ ඔහු ගිනි අවියක් රැගෙන විත් සිය සහෝදරියට වෙඩි තබා ඇති බව සදහන්.

බරපතල තුවාල ලැබූ දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාල ගිනි අවිය කුඩා ළමයාට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!