Gossip

පරණ කාර් විකුණලා විදේශ විනිමය ගන්න අලුත් ක්‍රමය මෙන්න

මෙරට ඉංග්‍රීසි පාලන සමයේදී හා ඊට පසු කාලයේදී ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධාවනය වූ පෞරාණික වටිනාකමකින් යුත් මෝටර් රථ වලට ඉහල වටිනාකමක් ඇති වී ඇත. එම නිසා විදේශරටවලට අපනයන කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

මේ බව බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි මෝටර් රථ කාර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා අද ( 18) සඳහන් කරනු ලැබුවා.

සී වයි , ඊ එන්, ඊ වයි, සී එල් මෙන්ම 13,14,15, කාණ්ඩයට අයත් පැරණි මොටර් රථ සඳහා විදේශයන්හි විශාල ඉල්ලුමක් පවතින බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් රථවාහන හිමිකරුවන් ඉල්ලීම් ගණනාවක් ලැබී ඇතැයි ද,ඒ අනුව සළකා බලා මෙම පියවර ගෙන ඇත.

සී එන් වැනි ඉංග්‍රීසි අක්ෂර සහිත වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිංයාපදිංචි කර නොමැති බැවින් ඒවා නැවත ලියාපදිංචි කිරීමෙන් පසු අපනයනයට අවසර හිමිවේ.

පැරණි මෝටර් රථ විශාල තොගයක් ශ්‍රී ලංකාවේ තිබෙන බව ද වසරක් පාසා ප්‍රදර්ශන පෙළපාලි සඳහා පමණක් අලංකාර ලෙස ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!