Gossip

පන්සලක් සහ බැතිමතුන් ඉලක්ක කළ සහරාන්ගේ දෙවන ප්‍රහාරයට බිරිඳව සූදානම් කළ හැටි හෙළිවෙයි – මහා විනාශයක් හෙළි කළ හැටි මෙන්න

පාස්කු ඉරිදා බෝම්බ පුපුරුවා අහස පොලව නුහලන අපාරාධය කල ඝාතකයා හෂිමි සහරාන්ය.
කුඩා කලසිටම අන්තවාදි අදහසෙන් පිරුනු ඔහු වෙනත් මාර්ගයක් ඔස්සේ පියමන් කරන්නට වුවේය.
ජාතියේම සාමයේ නිදහස කා දැමු මෙම මිත්‍යා දෘෂ්ටිකයා ඒ වෙනුවෙන් කුඩා කල සිටම දැඩි අන්තවාදිව කටයුතු කරන්නට වුවේය.
සහරාන් පදිංචිය කාත්තන්කුඩියේය.
අවසානයේ ඔහු නතර වුයේ ජාතික තව්හිද් ජාමාත් සංවිධානයේ නායකයා ලෙසිනි. ඒ ඔහුගේම අන්තවාදි සංවිධානයයි.
තමන්ගේ අදහස වලට විරුද්ධ වන්නට කවුරු නම් සිටිත්ද? ඔහුට සිතුනි. පළමු ප්‍රහාරයයෙන් පසු දෙවන සැලැස්ම රාජ්‍ය බුද්ධි අංශයට සැලවීමත් සමගම අම්පාරේ සයින්දමරුදු වොලිවොරියන් ප්‍රදේශයේ නිවසක පිපිරිම් 03ක් සිදුවිය.
27 වනදා අළුයම ආරක්ෂක අංශ නිළධාරින් මෙම ස්ථානය පරික්ෂා කිරිමේදි බෝම්බ පිපිරිමෙන් සහ වෙඩි වැදිමෙන් 17 දෙනෙක් මිය යන්නට වුහ.
ඒ අතර තුවාල ලබා කාන්තාවක් සහ කුඩා දැරියක් ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කරන ලදි.
පසුව කරන ලද පරික්ෂණ වලට අනුව ජාතික තව්හිද් ජමාල් සංවිධානයේ නායක හෂාම් සහරාන්ගේ බිරිද හා දරුවා බව රාජ්‍ය බුද්ධි අංශ නිළධාරින් තොරතුරු අනාවරනය කරගන්නට වුහ.
ඇය හෂිම් සහරන් බිරිද වන අබ්දුල් කාදර් පාතිමා කාදියා සහ සිව් හැවිරිදි දියිනිය වන මොහමඩ් රුබෙයියා දියණිය බවත් අනාවරණය විය.
ආරක්ෂක අංශවල රැකවරනය හමුවේ පාතිමා කාදියා දියණීය මේ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන කොළඹට රැගෙන එන්නට වුවාය.
පාතිමා කාදියාගේ ගම කුරුනැගලය. මොහමඩ් හුුසේන් අබ්දුල් කාදර් සහා යාසින් සිද්ධි සහිලා ඇයගේ දෙමව්පියන්ය.
පාතිමාට සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයන් සිව් දෙනෙකු සිටිති.
පාතිමා ඉගෙන ගෙන ඇත්තේ 09 වන ශ්‍රේණීය දක්වාය. සහරාන්ට කුඩා කල සිටම අන්තවාදි අදහස් දැරිම නිසා ගමෙන් ප්‍රතික්ෂේප චරිතයක් වන්නට විය ඒ නිසා නුවර එළියට පැමිණ අධ්‍යාපනය ලබන්නට විය.
කලෙක සහරාන් කුරුණැගල නාරම්මල කැකුණගොල්ල පාසලේ කුරාණය උගන්වන ගුරුවරයා ලෙස කටයුතු කරන්නට වුවේය.
එහිදි කුරාණය ඉගෙන ගන්නට ආ පාතිමා කාදියාගේ සුන්දර මුහුනුට සහරාන්ගේ සිත ඇදි යන්නට විය.
සහරාන් විසින් නව්පර් මව්ලවි හරහා මෙම යෝජනාව පාතිමාගේ දෙමව්පියන්ට ඉදිරිපත් කරන්නට විය.
තවම දුවට වයස මදි වයස හරි ගියාම බලමු පියා එවර පවසා සිටින්නට වුහ.
අවුරුදු 15ක් වයස වු විට පාතිිමාට නැවතත් එම යෝජනාව සහරාන් විසින් ඉදිරිපත් කරන්නට වුවේය. එවර පාතිමාගේ පියා ඊට එකගව පාතිමා දියණීය සහරාන්ට විවාහ කර දෙන්නට විය.
ඒ අනුව එම විවාහය 2009 වසරේදී සිදුවන ලදි.
විවාහව පසුව කුලයාපිටිය ගෙදරක නැවත සිටි මෙම යුවල නැවතත් කාත්තන්කුඩිය නිවසට පැමිණ කුලි ගෙදරක පදිංචිව සිටින්නට ජිවත් වෙන්නට වුහ. කල්යත්ම මෙම පවුලට දුවෙක් සහ පුතෙකු එක්වු අතර එම නිවස මෙම කැදැල්ල දරු සුරතලෙන් පිරි ගියත් සහරන්ගේ දැඩි මතධාරි ගතිය ඉවත් නොවන ලදි.
ඔහු නිතරම අන්තවාදි අදහස් වලින් පිරි තිබිම පාතිමාට විටෙක රුස්සන්නේ නැති විය. සහරාන් සමග යන විට ඇයට වට පිට බලන්නට තහනම්ය.
බිම බලාගෙන යන්න ඇයි වට පිට බලන්නේ සහරාන් නිීති දමන්නනේය. ඇය බිමට දෙනෙත් යොමු කර යන්නට වුවාය.
මේ ආකාරයෙන් සහරාන්ගේ අන්තවාදි මත වැඩි වන්නට වුවේය. ඔහු රට පුරා දේශණවලට ගොස් අනුගාමිකයන් එකතු කර ගැනිමට මහත් වෙහෙසක් ගන්නට විය.
මේ අතර සහරාන් සිය සොහොයුරක් සහ කිහිප දෙනෙක් එක්ව සුන්නතුල් වල් ජමාත් සංවිධානයේ අයෙකුට 2017 වසරේදී පහරදි කපා කොටා දමන්නට වුහ.
ඒ අනුව පොලිසිය සහරාන් පසු පස හඹා එන්නට වුහ. අවසානයේ සහරාන් පොලිසිය මඟ හරිමින් කට්ටි පනිමින් මග හරින්නට වුවේය.
ඒ අනුව සහරාන්ට නැවතත් සිය බිරිද හා දරුවන් සමග කුරුණෑගල බිරිදගේ දෙමව්පියන්ගේ නිවසට යන ලදි.
පාතිමා හා දරුවන් එහි නතර කර දමා මාසයකට වතාවක් ඇය හා දරුවන් බැලිමට පැමිණෙයි.
ඒ අතර සහරාන්ගේ වැඩිමහල් පුතා කැකුණගොල්ල ප්‍රාථමික විද්‍යාලයෙ 03 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නට විය.
මෙම කාලයේ පාතිමාගේ අඩු පාඩු බොහෝමයක් සපුරා දුන්නේ දෙමව්පියන් විසිනි. සහරාන්ගේ ලෝකයව තිබුනේ තම අන්තවාදි අදහස් ව්‍යාප්ත කොට අනුගාමිකයන් එකතු කර ගැනිමය. නමුත් දැඩි මතධාරියෙක්වු සහරන්ගේ ඇයට අවනත නොවුනි.
ඇයට සිදුව වන්නේ සම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවක් විලසින් සහරාන්ට අවනත වන්නටය. විටෙක සහරාන්ගේ ප්‍රශ්නයක් ඇසුවද සහරාන් කරන්නේ බැන වැදිමය .
ඔයාට ඒවා මොකටද කට පියාගෙන ඉන්නවා යනුවෙන් ඇයට බැන වදින්නට විය. මේ ආකාරයෙන් දරදඩු විලසින් සහරාන් ඇය පාලනය කරන්නට වුවාය.
දිනක් සහරාන් කුරුණැගල මහා ගෙදරට ආවේ පාතිමා සහ දරුවන් කොළඹ එක්කරන් යාමටය. ‘ඇයි අනේ කොළඹ යන්නේ’ ඇසුවත් සහරන් ඇයට පිලිතුරු දිම වෙනුවට කලේ සියල්ලම වෑන් රියක නංවා කොළඹ යාමටය.
අවසානයේදි පාතිමාට එ සියල්ල එකග වෙනවා ඇරෙන්නට විරුද්ධ වීමට කිසිදු ඉඩක් නොලැබුන නිසා පාඩුවේ සිටින්නට වුවාය.
කොළඹට පැමිණී පාතිමා සහරන් සමගින් වාසය කලේ සුපිරි මහල් නිවාසකය. කොළඹ ලකි ප්ලාසා මහල් නිවාස සංකිර්ණයේ හතරවන මහලේ නිවසකය.
ස්වර්ගයට යන්නට දින ලග නිසාදෝ මෙම සහරාන් අති සුඛෝපභෝගි දිවි පෙවතක් ගත කරන්නට වුවේය.
කොළඹ ගල්කිස්සේ තවත් සුපිරි මහල් නිවාසයක මීගමුවේ බෝම්බ ප්‍රහාරකයාවු කස්තුන් සහා බිරිද වන පුලස්තිනි මහෙන්දන් හෙවත් සාරාද මඩකලපුව සියොන් දෙව්ස්ථානයේ බෝම්බකරුවු මොහමඩ් නසාර් සහ මොහමඩ් අසාර් සහ ඔහුගේ බිරිද වන අබ්දුල් රහිම් පිරෝසා සිටින්නට වුහ.
19 වන දින සහරාන් බිරිදත් සමග මීගමුවේ බෝම්බ ප්‍රහාරකයා වූ කස්තුන් සහා බිරිද වන සාරාද මඩකලපුව සියොන් දෙව්ස්ථානයේ බෝම්බකරුවු මොහමඩ් අසාර් සහ ඔහුගේ බිරිඳ වන පිරෝසා යන 19 වන දින පානදුර ආරක්ෂක නිවසේ සිට අවසන් වතාවට 19 වනදා රාත්‍රීයේ එකට ආහාර ගන්නට වුහ.
19 වනදා රාත්‍රීයේ රිල්වාන් සමගින් සහරාන්ගේ බිරිද කාදියා, සාරා සහ පිරෝෂා අම්පාරට පැමිණෙන්නට විය.
ඒ එන අතර වාරයේ මෙම පිරිස ගිරිඋල්ල රෙදිපිළි ආයතනයකට ගොස් හැට්ට යුගල 09ක් සහ යට ඇදුම් ඇතුළු රෙදිපිලි රුපියල් 29000ක පමණ මිළට ගන්නට වුවාය.
මේ අතර සහරාන්ගේ මව පියා සහ ඉතිරි පිරිස නින්දවුට නිවෙසට පැමිණ සිටින්නට වුහ.
අම්පාරේ කුලියට ගත් නිවාස අතරින් සයිනි සහ පවුලේ උදවිය අඩ්ඩාල්චේන නිවාසය තෝරා ගන්නා අතර ඉතිරි අය නින්දවුර තියටර් මාවතේ නිවෙසේ පදිංචියට යන ලදි.
පාස්කු ප්‍රහාරයට යොදා ගැනිමට අවශ්‍ය පුපුරන දව්‍ය කොළඹ ආර්කෂණ නිවාස වල තිබියදි ඉතිිරි පුපුරන දව්‍ය සහ බෝම්බ සැදිමේ උපකරණ අප්‍රේල් 11 වන දින අම්පාර සමන්තුර හා නින්දවුර් නිවාස වලට රැගෙන එන ලදි.
මේ ආකාරයට පළමු ප්‍රහාරයට පෙර සිටම සහරාන් දෙවැනි ප්‍රහාරය සැලසුම් කරන්නට වුහ.
දෙවැනි ප්‍රාහරයේ සැලසුම තම සොහොයුරන් දෙදෙනාට භාරකර සහරාන් සිය බිරිද වන අබ්දුල් කාදර් මොහමඩ් පාතිමා කාදියාද මරාගෙන මැරෙන බෝම්බ කාරියක් ලෙස යොදවා පන්සලකට ප්‍රහාරයක් එල්ල කිරිම කිරිමට කටුයුතු සුදානම් කරන්නට වුහ.
රිල්වාන් මෙම ප්‍රහාරය මඳකට පමා කරවන්ට වුවේය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා දැඩි ආරක්ෂක රැකවල් තිබෙන නිසාවෙනි.
ඒ සමගම කලවංචිකුඩියේ ප්‍රධාන කතෝලික දේවස්ථානයකට ප්‍රහාර එල්ල කිරිමත් පන්සල් වලට ප්‍රහාර එල්ල කිරිමේ සැලැස්මත් මදකට පමා වන්නට විය.
ඒ අනුව රාජ්‍යබුද්ධි අංශ නිළධාරින්ගේ අනාවරනයෙන් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදා නිළධාරින් අට්ටාලච්චේන අන්තවාදි නිවසක් වටලන්නට විය.
ඒ 26 උදැසනය. දහවල් සමන්තුරය බෝම්බ කම්හල අල්ලනන්ට වුහ. ඒ වෙනවට නින්දවුර් අන්තවාදි ආර්ක්ෂිත නිවෙසෙ සිටි මොහමඩ් නියාස් ඇතුළු පිරිසට රාජ්‍ය බුද්ධි අංශ නිළධාරින් පැමිණෙන බව දැනගන්නට ලැබුනි. ඒ නිසා නින්දවුර් බෝම්බ සාදන නිවසේ සිටි සහරන්ගේ බිරිඳ සහ රිල්වාන් ඇතුළු සියලු දෙනා දැන් ආරක්ෂක අංශ වලට කොටු වෙන බව දැන පලා යාමට වෙනුවට අවසානයේ සයින්දරමරුදු අන්තවාදි ආරක්ෂිත නිවාසයට ගොස් ස්වර්ගයට යාම සදහා සිටියදි බෝම්බ පුපුරුවා ගන්නට තිරණය කරන ලදි.
අවසානයේ පිරිස සයින්දමරුදු නිවාසයට ගොස් අසල්වාසිගේ සැකයට හසු වන්නට විය.
නමුත් ඒ වන විටත් පාතිමා ඇතුළු සියලු දෙනා බෝම්බ පුපුරුවා මරාලෙන මැරෙන බව දැන ගෙන සිටින්නට විය. ප්‍රදේශවාසින්ගේ දැනුම් දිම මත පොලිසි නිළධාරියෙක්ද පැමිණෙන්නට විය.
තව නොබෝ වෙලාවකින් රාජ්‍ය බුද්ධි නිළදාරින් සහ ආරක්ෂක අංශ නිළධාරින්ද මෙම ස්ථානයට පැමිණෙ නිසා අයෙක් එම පොලිස් නිලාධාරිවරයාට වෙඩි තබන්නට විය.
ඉන්පසු මොහොතක් ගත වෙද්දි සහාරන්ගේ බිරිද ඇතුළු සියලු දෙනා යාඥ කරන්නට වුවාය.
අවසානයේදි රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු අනාවරනයත් සමග 26 වනදා සහරාන්ගේ සහොදරයින් පිරිසි ආරන්ෂක අංශ වලට හසුවෙන්නට මොහොතකට පෙර බෝම්බ පුපුරාවා ගෙන ස්වර්ගයට කිය අපාගත වන්නට සිය දිවි නසා ගන්නා ලදි.
ඒ කුඩා දරුවන් 06 දෙනෙකු සමගින්ය. ඒ අයස්ථාවේ යාඥා කරමින් සිටි සහරාන්ගේ බිරිද සිහිසුන්ව දිවි ගලවා ගන්නා ලදි.
රටක් ලේ විලක් කර අන්තාවාදි සහරාන්ට සහ දියණියට අන්තිමට පිහිට වුයේ අපේ ආරක්ෂක අංශ වල නිළධාරින්ය.

පටබැදිගේ අමරබන්දු

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!