Gossip

පක්ෂ නායකයන් කථානායක හමුවෙයි? රැස්වීම උණුසුම්කාරී වෙයිද?

පක්ෂ නායකයන් සහ කථානායක කරු ජයසූරිය අතර විශේෂ හමුවක් අද (07දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

අද පස්වරු 3.00ට මෙම හමුව පැවැත්වෙන බව කථානායක කාර්යාලය විසින් සියලු පක්ෂ නායකයන්ට ඊයේ (06දා) පස්වරුව වනවිට දැනුම් දී තිබුණා.

එහිදී ලබන 14 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට අදාළ න්‍යාය පත්‍රය ගැන සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයකු වූ කැබිනට් අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීම නියෝජනය කරන සියලුම දෙනා මීට සහභාගි වන බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු බව එම පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කරන බව එම කැබිනට් අමාත්‍යවරයා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු පැවැසුවේ කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙසට තම පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකම නියෝජිතයන් එහිදී කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් එක්සත් ජාතික පක්ෂයේත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වනුයේ අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගැනීමට ඉඩ ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!