Gossip

නිල ඇඳුම් තෙමිච්ච නිසා පංතියට නොගිය සිසුවියන් තිදෙනාට කළ දඬුවමෙන් විදුහල්පතිවරයාට වුණ දේ

පොලොන්නරුව ලංකාපුර අධ්‍යාපන කොට්ඨාසට අයත් පාසලක ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකුට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් කරන ලද බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත එම විදුහල්පතිවරයා පුලස්තිපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්වූ බව කියන 15 හැවිරිදි සිසුවියන් තිදෙනාගෙන් එක් ශිෂ්‍යාවක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වුණේ.

පාසල් වේලාව තුලදී මෙම ශිෂ්‍යාවන් තිදෙනාට මෙම විදුහල්පතිවරයා පොල්ලකින් පහර දී ඇති බව පොලිසියට පැමිණිලි කර තිබුණා.

මෙම විද්‍යාලයේ පහළ ශ්‍රේණියක කුඩා සිසුන් පිරිසක් අතින් ජල නලයක් කැඩී ගොස් ඇති බවත් එය නැවත සකස් කිරීමට මෙම සිසුවියන් තිදෙනා උත්සාහ දරා තිබෙනවා. එවිට ඔවුන් ඇඳ සිටි නිල ඇඳුම් තෙමී යාම නිසා පංතියට නොගොස් පාසලේ වෙනත් තැනක රැඳී සිට තිබෙනවා.

ගුරුවරයෙකු පංති කාමරයේ උගන්වමින් සිටියදී පංතියේ නොසිටීම නිසා මෙම සිසුවියන් තිදෙනාට විදුහල්පතිවරයා දඬුවම් කර තිබෙන බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

කෙසේවෙතත් දෙමව්පියන්ගේ ඉල්ලීම මත විදුහල්පතිවරයා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!