Gossip

නිදහස් කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ සිංහයන්ට හිමිවුණු තැන මෙන්න

නිදහස් කුසලාන තරගාවලියේ කණ්ඩායම් තුනම වේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි තරගය අද සවස පැවැත්වීමට නියමිතයි.
නිදහස් කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.
සෑම කණ්ඩායමක්ම එක තරඟයක් ජයග්‍රහණය කර තිබෙන නිසා ප්‍රාසාද ලකුණු 2 බැගින් කණ්ඩායම් තුනම ලබා සිටිනවා.
නමුත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පළවෙනි තැනට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාව දළ ලකුණු ලබා ගැනීමේ වේගය 0.297 ක්.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි තැන ලබාගෙන ඉන්දියාව දළ ලකුණු ලබා ගැනීමේ වේගය -0.035 ක් සහ බංග්ලාදේශය -0.231 ලබා ගෙන සිටිනවා.
තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ශිකර් ධවාන් වන අතර දෙවැනි තැන පසුවන්නේ ලකුණු 140 ක් ලබා ගෙන සිටින කුසල් ජනිත්.
ජාදෙව් උනාඩ්කට් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභින් අතර ඉහළින්ම පසුවන අතර ඔහු ලබාගෙන සිටින කඩුලු ප්‍රමාණය 4 ක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!