Gossip

නික් පෝතාස් යන්නම යයි – ලංකාවට එකතුවන අලුත්ම පුහුණුකරු මුෂ්තාක් අහමඩ්?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පොතාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

2016 වසරේ අගෝස්තු මස 8 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වූ පෝතාස් ඉන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව 2017 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වුණා.

කෙසේවෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමත් සමඟ පෝතාස්ට යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ වගකීම පැවැරුණු අතර, ඔහුගේ සේවා කාලය මෙම වසරේ අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණා.

මේ වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කිරීමෙන් අනතුරුව නිවාඩු ලබා සිය රට බලා ගිය පෝතාස් මේ වන තෙක් පැමිණ නැති අතර, ක්‍රිකට් ආයතනය සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පෝතාස් පසුගිය 13දා මෙම තීරණය ගෙන ඇති බවද පැවසෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට මෙන්ම දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සදහාද ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් ඉල්ලුම්පත්‍ර කැඳවා තිබෙනවා.

ඒ අනුව දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් වී ඇති විදෙස් ක්‍රීඩකයන් අතර පාකිස්තානු කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නකු වන මුෂ්තාක් අහමඩ් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩි අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!