Gossip News

නෑනා‌ගෙන් සමාව ගන්න කියලා නිරුවත් කරලා පහර දීලා ..

නෑනාගෙන් වැඳ සමාව ගන්න කියලා පුද්ගලයෙකු බලහත්කාරයෙන් පැහැරගන ගොස් නිරුවත් කර පහරදුන්න සිදුවීමක් හලාවතින් වාර්තා වෙනවා. මැරයින් තුන්දෙනෙකු විසින් මෙය සිදුකර ඇති අතර හලාවත පොලීසිය විසින් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන 24දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ඔක්තෝම්බර් මස 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පොලීසියට නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ හලාවත කරවිටාගාර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර පහර කෑමට ලක්වුණ පුද්ගලයාව මැරයන් තිදෙනා විසින් හලාවත තිත්තකඩේ තිසෝගම ප්‍රදේශයේ දී පැහැරගෙන කරවිටාගාරය ප්‍රදේශයේ දී දැඩිලෙස පහර දී පසුව නිර්වස්ත්‍ර කර බලහත් කාරයෙන් නෑනාගෙන් සමාව ගන්න කටයුතු කර තිබෙනවා. ඉන්පසුව ඔහු එම ස්ථානයෙන් පැනගෙන හිතවතෙකුගේ මාර්ගයෙන් රෝහල් ගතව තිබෙනවා.

මෙසේ පහර කෑ පුද්ගලයා තිත්තක‌‌‌ඩේ තිසෝගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වනන අතර ඔහු බරපතල තුවාල හේතුවෙන් හලාවත රෝහලේ ප්‍රතිකාර ගන්න නැවති තිබෙන අතර රෝහල් පොලීසිය කල විමසුමකදී ඔහු විසින් සිදුවිම විසත්ර කර ඇති අතර අදාල තොරතුරු වලට අනුව පොලීසිය සැකකරුවන් තිදෙනා සහ ඔවුන්ගේ යතුරුපැදි, කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!