Gossip

නෑනාගේ රන් භාණ්ඩ උස්සලා FB හොර පෙම්වතාට සල්ලි යවලා

එකම නිවසක ජීවත් වූ නෑනලා දෙදෙනකුගෙන් ලොකු නෑනා මුහුණු පොතින් හඳුනාගත් අනියම් පෙම්වතකුට මුදල් ලබාදීමේ අරමුණින් පොඩි නෑනා සතුව තිබූ රුපියල් ලක්‍ෂ 10 ක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන තිබියදී ගම්පොල පොලිසිය මගින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.

එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු විවාහ වූ කාන්තාවන් දෙදෙනකුගෙන් එක් අයකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා තම සැමියන්ට අයිති මහ ගෙදර ජීවත්ව ඇති අතර දෙදෙනාටම වයස අවුරුදු 36 ක් වන බවත් දරුවන් සිටින මවුවරුන් බවත් පරීක්‍ෂණ පවත්වන පොලිසිය කියයි.

විවාහයේදී පොඩි නෑනාට ලැබී තිබූ සවඩි මාලය (තැල්ල) පවුම් 4 ක වළල්ලක් පෙන්ඩන් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් අල්මාරියේ තිබියදී කිසිවකු සොරාගෙන ඇති බවට ගම්පොල පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී පිටින් පැමිණ සොරකු නිවසට ඇතුළු වී නොමැති බව පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත.

ඒ අනුව ලොකු නෑනා ළඟින් ඇසුරු කරන ඇගේ මිතුරිය පිළිබඳව පරීක්‍ෂා කිරීමේදී ඇය ළඟ තිබී රන් භාණ්ඩ උගස් කළ රිසිට් පතක් හමුවී ඇත. ඒ සමග මෙම සොරකමේ සුලමුල හෙළිවී ඇත. මෙම රන් භාණ්ඩ රුපියල් විසිලක්‍ෂ විසිදහසකට ගෙලිඔය වෙළෙඳ සලකට උගස් කර ඇති බවද අනාවරණය වී ඇත.

මුහුණු පොතින් හඳුනාගත් යාපනයේ තරුණයකුට පෙම් බැඳ ඇති මෙම කාන්තාව එම අනියම් පෙම්වතා ඉල්ලූ මුදලක් ලබාදීමේ අරමුණින් මෙම සොරකම සිදුකර ඔහුට මුදලින් ලක්‍ෂයක්දී ඇති බවද හෙළිවී ඇත.

කෙසේ වෙතත් මෙම සොරකමට සම්බන්ධවූ ලොකු නෑනාගේ මිතුරියද අත්අඩංගුවට ගෙන තවදුරටත් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!