Gallery

නාවලපිටියේ භිෂණය මද්දකට හසුවෙයි – වීඩියෝ

මහවැලි ගඟට ආසන්නයේ ඇති ලඳු කැලෑවක සිටින හදුන් දිවියන් රාත්‍රී කාලයේ නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දරඔිවිට ප්‍රදේශයේ ගමම භීතියට පත්කරමින් සැරිරන බවට ගම් වැසියන් පැවසුවා. ඔවුන් සුරතලේට ඇති කරන සුනඛයන් සහ කුකුලන්ව දිවියන් විසින් කා දමන බවට වාර්තා වෙනවා. මෙසේ ගමේ කට්ටියව බය කරන හදුන් දිවියන් අතරින් පැටවෙකු ඊයේ අටවා තිබූ මද්දකට අසු වී තිබෙනවා.

මේ පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කලද ඔවුන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති නිසා ගම්වාසීන් විසින් මුදල් එකතු කරලා දිවියා අල්ලලා විශේෂ කූඩුවක් සකස් කරලා තියෙනවා වනජීවී නිලධාරීන්ට දිවියව භාර දෙන්න.

රාත්‍රි කාලයේ ගම පුරා සැරිසරන දිවියන් නිරීකෂණය කරන්න ඔවුන් ආරක්ෂිත කැමරාද සවිකර තිබෙනවා. ඒ ඔස්සේ තමයි ගම්වාසීන් මේ දිවියන් සැරිසරන ස්ථාන හදුනාගන තියෙන්නේ.

ගම්වාසින් අල්ලා දුන්න දිවියව වනජීවී නිලධාරීන් විසින් ආරක්ෂිතව වෙනත් රක්ෂිතයකට මුදා හරින බවට මධ්‍යම පළාත් වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂක ආර්.ඩී වීරසිංහ මහතා පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!