තරු හුට පට

දුෂ්‍යන්ත්ට ලුණු ඇඹුල් ඇතුව බැණුම්

අද අපි කියන්න හදන මේ අලකලංචිය වෙලා තියෙන්නේ දුෂ්‍යන්ත්ට. දුෂ්‍යන්ත් කතරගම පැත්තේ ට්‍රිප් එකක් ගිහින් තියෙනවා කට්ටියත් එක්ක සෙට් වෙලා. කතරගමනේ වැඩිහිටි කන්දත් තියෙන්නේ. කතරගමටම ගිහින් වැඩිහිටි කන්ද නැග්ගේ නැත්තන් කිසි ගතියකුත් නැති එකේ සෙට් එකම වැඳලා කරලා තමයි කන්ද නගින්න පටන් අරන් තියෙන්නේ.

හැබැයි ඉතින් දූවිලි එහෙමත් තියෙන නිසා දුෂ්‍යන්ත් කන්ද නගින්න පටන ග‍ත්තේම නහය වැහෙන්න රෙදි කෑල්ලකුත් බැඳගෙනමයි. මොකද ඒ වෙද්දිත් දුෂ්‍යන්ත්ට හෙම්බිරිස්සාව හොඳ ගාණට හැදිලායි තිබිලා තියෙන්නේ.

කොහොම හරි මේ ට්‍රිප් එකට රියැලිටි වැඩසටහනක දුෂ්‍යන්ත්ගේ ඩාන්සින් පාට්නර් වුණු හෂිනිත් ගිහින් තියෙනවා. දුෂ්‍යන්ත්ලාගේ සෙට් එක විතරක් නෙමෙයිනේ වැඩිහිටි කන්ද නගින්නේ. ඉතින් කට්ටිය කන්ද නගිනකොට වැඩිහිටි කන්ද නැගපු තව නඩයක ගෑණු ළමයෙක් හෂිනිව අඳුරගෙන.

ඒ ගෑණු ළමයා හෂිනිත් එක්ක ඉන්න අනිත් හාදයා කවුද කියලත් චුට්ටක් විතර බලලා. කොහොමත් ඉතින් ප්‍රසිද්ධ චරිතයක් හැරුණත් මිනිස්සු කන්න වගේ බලාගෙන ඉන්නවානේ. එතකොට තමයි මීටර් වෙලා තියෙන්නේ ඒ දුෂ්‍යන්ත් කියලා. දුෂ්‍යන්ත්ලා එස්.එම්.එස්. තරඟවලින් දිනුවෙත් සාමාන්‍ය මිනිස්සු නිසානේ. ඉතින් එහෙම එකේ දුෂ්‍යන්ත් මූණ වහගෙන ආඩම්බරකමට හැංගිලා යනවා කියලා හිතපු ඒ ගෑණු ළමයා හොඳට ලුණු ඇඹුල් ඇතුවම දුෂ්‍යන්ත්ට ආමන්ත්‍රණය කරලාලු. දුෂ්‍යන්ත්ටත් කර කියා ගන්න දෙයක් නැතිවෙලා. හොඳට බැණුම් අහගෙන ඉවරවුණාට පස්සේ තමයි දුෂ්‍යන්ත් කියලා තියෙන්නේ හෙම්බිරිස්සාව නිසා මූණ වහගෙන හිටියේ කියලා. ඇත්තම කිව්වොත් දුෂ්‍යන්ත් මුණ වහගෙන හිටපු එකට හේතුවවත් කියන්න ඒ ගෑණු ළමයා ඉඩදීලා නෑ.

අන්තිමට ඉතින් හේතුව කිව්වට පස්සේ ඔක්කොම ෂේප් වුණත් ඒ වෙනකන් අහපු බැණුම් ටික මකන්න බෑනේ. මොනවා කරන්නද ඉතින්… ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ අසනීප වෙලා හිටපු දුෂ්‍යන්ත් එදානම් බඩ කට පිරෙන්න බැණුම් අහගෙන. දුෂ්‍යන්ත් එක්ක ගිය සෙට් එකට ඒකම ඇතිවුණාලු ආපහු ගෙදර එනකම්ම මතක් කර කර හිනාවෙන්න. ට්‍රිප් එක ඉවර වෙනකන් දුෂ්‍යන්ත් මූණ දෙක කරගෙන තමයි ඇවිත් තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!