Gossip

දුවගේ පෙම් පලහිලව්වක් නිසා ශ්‍රී දේවී අවසන් ගමන් ගියාද.. ? – බොලිවුඩය රත් කළ අලුත් කතාව මෙන්න

ශ්‍රී දේවීගේ අවසන් කටයුතුත් මේ වෙද්දි සිදුකර අවසන්.
ඒත් ශ්‍රී දේවී ගැන ඇසෙන කතාබහනම් තාමත් අඩුවක් නැහැ.
ඒ අනුව ශ්‍රී දේවිගේ ප්‍රථම කසාදයේ ස්වාමියා වූ සිනමා නළු මිතුන් චක්‍රබෝර්ති ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් සැක කරන බවත් ඇය සිය දිවි නසා ගැනීමට තරම් අධෛර්ය කාන්තාවක් නොවන බවත් පවසා තිබුණා.
ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලත් ඔහු ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
මිතුන් චක්‍රබෝර්ති එසේ පවසද්දී මුම්බායි නුවරින් තවත් අළුත් තොරතුරක් වාර්තා වනවා.
ඒ ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය වන ජානවිගේ පෙම්වතා සම්බන්ධයෙන් වූ පුවතයි.
ඇය සිය සහෝදරයෙකු සමග ඇති කර ගත් පෙම් සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී දේවි දැඩි ලෙස මානසීක පීඩාවට පත් වූ බවත් ඉන් මිදීම සඳහා ඇය මත්පැන් පානයට හුරු වූ බවත් සඳහන්.
ශ්‍රී දේවි සහ මිතුන් චක්‍රබෝර්ති අතර 1980 දශකයේ ඇති වූ විවාහකයෙන් ඔවුන්ට දාව පිරිමි දරුවෙක් සිටිනවා.
මෙම දෙදෙනාගේ විවාහකය දෙදරා යාමත් සමග ශ්‍රී දේවි මිතුන් චක්‍රබෝර්තිගෙන් වෙන් වූ අතර ඔවුන්ට උපන් පිරිමි දරුවා මිතුන් සමග රඳවා ගත් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මිතුන් – ශ්‍රී දේවි යුවළගේ පිරිමි දරුවා මෙවන විට මුම්බායිහි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වනවා.
පාසල් අවදියේ සිට ජානවි හා මිතුන්ගේ පුත්‍රයා වූ මහක්ෂායි චක්‍රබෝර්ති අතර හිතවත් කමක් ඇති වී තිබෙන අතර පසුව එම හිතවත් කම පෙම් සම්බන්ධතාවයක් බවට පරිවර්තනය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තොරතුරු සැල වීමත් සමග ශ්‍රී දේවි සිය දියණිය වන ජානවිය අවවාද කර ඇති අතර ජානවි කපූර්ට මහක්ෂායි චක්‍රබෝර්ති අමතක කළ නොහැකි තරමට ඔවුන්ගේ පෙම් සම්බන්ධතාවය වර්ධනය වී තිබු බව සඳහන්.
එහිදී ශ්‍රී දේවි එතෙක් තමා විසින් තම දරුවන්ට වසන් කළ ඇත්ත පැවසීම හැර වෙන කිසිවක් කර කියා ගත නොහැකිව ජානවි සහ මහක්ෂායි චක්‍රබෝර්ති අතර ඇති නෑකම පහදා දී තිබෙනවා.
එම නෑකමට අනුව ජානවි කපුර් හා මහක්ෂායි චක්‍රබෝර්ති සහෝදරයන් වනවා. එය දැන ගැනීමෙන් පසුව ද මොවුන් දෙදෙනා දිගින් දිගටම සිය සම්බන්ධතාව පවත්වා ගෙන යාම පිළිබඳව ශ්‍රී දේවි දැඩි සිත්වේදනාවෙන් පසු වූ බව සඳහන්.
එමෙන්ම ඩුබායි හි පැවති මංගල්‍ය උත්සවයට පැමිණි බෝනි කපූර් සිය බිරිඳව තනි කර පැය 3 1/2 කදී මුම්බායි බලා පියාසර කර ආපසු ඩුබායි පැමිණියේ කුමකටදැයි ශ්‍රී දේවිගේ ප්‍රථම ස්වාමි පුරුෂයා වූ මිතුන් චක්‍රබෝර්ති සැක මතු කර තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී දේවිගේ දියණිය වන ජානවි කපූර් ශ්‍රී දේවිගේම පුත්‍රයා සමග ඇති කර ගත් පෙම් සම්බන්ධතාවය හේතුවෙන් සිත් තැවුලට පත්වූ ශ්‍රී දේවි අධික ලෙස මත්පැන් පානය කර දියේ ගිලී සිය දිවි හානි කර ගෙන ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් සැක මතුව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!