Gossip

දුම්කොළ නිසා මෙරට 60 දෙනෙක් දිනපතා පරලොවට

සෑම වසරකදීම දුම්කොළ නිෂ්පාදන නිසා ලෝකයේ මිලියන අටක පිරිසක් මියයන බවත්, සෑම තත්පර හතරකදීම දුම්කොළ නිෂ්පාදන භාවිත කිරීමෙන් පුද්ගලයන් හතර දෙනකු මියයන බවත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි වී. රාජපක්ෂ පැවැසීය.

ශ්‍රී ලංකාවේද දුම්කොළ භාවිතය නිසා දෛනිකව පුද්ගල මරණ 60 ක් සිදුවන බවත්, අවුරුදු 15-24 වයස් කාණ්ඩයේ පසුවන යෞවනයන් මේ වනවිට දුම්කොළ කර්මාන්තකරුවන්ගේ ගොදුරු බවට පත්වී ඇති බවද සභාපතිවරයා අවධාරණය කළේය.

මැයි 31 වැනිදාට යෙදෙන ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පසුගිය(28 වැනිදා) තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ලෝක දුම්වැටි විරෝධී දිනයේ මෙවර තේමාව වී ඇත්තේ දුම්කොළ කර්මාන්තකරුවන් විසින් ඔවුන්ගේ වාසියට යොදන උපක්‍රමවලින් දරුවන් සහ තරුණයන් ආරක්ෂා කිරීමත්, ඔවුන් දුම්කොළ හා නිකටින් භාවිතයෙන් වළක්වා ගැනීමත්ය.

එහිදී සභාපතිවරයා මෙසේද කීවේය:

‘‘කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර හා ගාල්ල දිස්ත්‍රික්කවල තරුණයන් වැඩි ප්‍රමාණයක් සමහර මාධ්‍ය භාවිතය නිසා දුම්කොළ නිෂ්පාදන භාවිතයට යොමුව තියෙනවා. 2018 වසරේ දත්තවලට අනුව මෙරට ජනතාවගෙන් සියයට 15.8 ක් සිගරැට් භාවිතයට යෙමුවෙලා තියෙනවා.

මෙරට කාන්තාවන්ගෙන් සියයට විසිදෙකක් නිවෙස්වල සිටියදී අක්‍රිය දුම්පානයට යොමුවී ඇති අතර ඉන් සියයට එකොළහක් අක්‍රිය දුම් පානයට යොමුව ඇත්තේ රැකියා ස්ථානවලදීය.

2035 වසර වෙද්දී අපේ ඉලක්කය පවතින ප්‍රමාණයෙන් සියයට තිහක්වත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අඩු කිරීමයි. අපි වෙළෙඳ සල් හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රටට ආදරේ නම් කරුණාකර ඔබේ වෙළෙඳ සලේ දුම්වැටි විකුණන්න එපා කියලයි.’’

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!