Gossip

දුටු විගසම ඩිලීට් කළ යුතු භයානක ඇප්ස් 9ක් – Photos

ගූගල් ප්ලේ ස්ටෝර් එක කියන්නේ අළුත් අළුත් ඩිවලොපර්ස්ලට තමන්ගෙම ඇප්ස් හදලා දාන්න පුළුවන් ඉතා ප්‍ර‍යෝජනවත් තැනක්. හැබැයි මේ හැමෝම ඇප්ස් හදලා දාන්නෙනම් හොද අදහසක් හිතේ තියාගෙනම නෙමෙයි. සමහර ඇප්ස් හදලා දාන්නේ ඔයාගේ තොරතුරු හොරකන් කරන්න බලාගෙනයි. තවත් සමහර අය බලාපොරොත්තු වෙනවා ඔයාගේ අකවුන්ට් එකෙන් සල්ලි හොරකන් කරන්න පවා. අපි අද ඔයාලට අරගෙන එන්නේ අන්න ඒ වගේ ගූගල් ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඉතාම සැක සහිත ඇප්ස් කිහිපයක් පිළිබඳව. වැරදිලා හරි ඔයා මේ ඇප්ස් වලින් එකක් හරි ඉන්ස්ටෝල් කරගෙන තියෙනවනම් වහාම අන්ඉන්ස්ටෝල් කරගන්න.

01. වෙදර් ඇප්ස්

වෙදර් ඇප්ස් කියන්නේ මුල් කාලයේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච දෙයක්. හැබැයි පස්සේ තේරුණා මේ ඇප්ස් වල වෛරස් පිරිලා බව. උදාහරණයක් විදියට එක් වෙදර් ඇප් එකක් තිබුණා. ඒකෙන් කරන්නේ ඒක ඉන්ස්ටෝල් කරපු ෆෝන් එකේ ඔක්කොම තොරතුරු හොරකන් කර්ලා ඇටෑකස්ලට යවන එක. ඒ ස්ඳහා ඒකේ ඇතුලේ ට්‍රෝජන් එකක් හදලා දාලා තිබිලා තියෙනවා. ගොඩාක් වෙලාවට මේ වගේ ඇප්ස් ටාගට් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් තොරතුරු හොරකන් කරන්නයි.

දැන් දැන් මේ වෙදර් ඇප්ස් වලට මිනිස්සුන්ගේ තියෙන ඉන්ටරෙස්ට් එකනම් ටිකක් අඩුවෙලා තියෙන්නේ. ඇත්තටම ඔයාට කාලගුණය ගැන දැනගන්න ඕන්නම් ඒකට ඇප් එකක් අවශ්‍යය නැහැ ගෝගල් එකේ සර්ච් කරාම දැනගන්න පුළුවන්.

02. සෝෂල් මීඩියා

මේ වගේ සෝෂ්ල් මීඩියා ඇප්ස් වලට ලොකු ජනප්‍රියතාවයක් තිබුණා. හැබැයි පස්සේ කාලේදී ඒ ජනප්‍රියතාවය ගොඩාක් අඩු වුණා. මෙහිදී අපි කියන්නේ හැකර්ස්ලගෙන් වෙන කරදරයක් ගැන නෙමෙයි. මේ වගේ ඇප්ස් වලට ෆෝන් එකේ එනර්ජි එක ගොඩක් වැය වෙනවා. බැටරියත් ඉක්මනට බහිනවා. ඒ වගේම මේ වගේ ඇප්ස් නිසා ඔයාගේ ෆෝන් එකත් ගොඩක් ස්ලෝ වෙන්න පුලුවන්. ගොඩක් අය ඒ නිසා මේ වගේ ඇප් වල ඔෆීෂියල් වර්ෂන් එක ගන්නේ නැතුව වෙන වර්ෂන් තමයි ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ.

03. ඔප්ටිමයිසර්ස්

ක්ලීන් මාස්ටර් වගේ අනෙකුත් ඔප්ටිමයිසර් ඇප්ස් අපි භාවිතා කරන්නේ අපේ ෆෝන් එකේ කෑෂ් මෙමරි එක මකාගන්න, ඕන්නැති ප්‍රෝග්‍රෑම්ස් ඩිලීට් කරගන්න වගේ දේවල් වලටනේ. හැබැයි මේ දේවල් දැන් එන ෆෝන් වලින්ම කරගන්න පුලුවන්. ඒක ෆෝන් එකේ ෆීචර් එකක් විදියට තියෙනවා. ඉතිං මේ වගේ ඇප්ස් දාගෙන ඉඳීම කිසි පලක් නැති දෙයක්. ඒ වගේම මේ වගේ ඇප්ස් වලින් බැටරි ලයිෆ් එකත් ගොඩක් අඩු කරනවා. මේ වගෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ සිස්ටම් එක ස්පීඩ් වෙන එක නෙමෙයි ස්ලෝ වෙන එකයි. ඒ වගේම මේවගේ ඇඩ්ස් එහෙමත් ගොඩක් එවනවා.

04. බිල්ට් ඉන් බ්‍රවුසර්ස්

සාමාන්‍යයෙන් බිල්ට් ඉන් බ්‍රවුසර්ස් ෆෝන් සිස්ටම් එකේම එනවා. පිටින් ගන්න බ්‍රවුසර්ස් ජනප්‍රිය ඒවා නෙමෙයි. අනික ඒවා ගොඩාක් ස්ලෝ. ,ඒවා ගොඩාක් වෙලාවට ඔයා ලින්ක් එකක් ක්ලික් කරාම ඕපන් වෙනවා. මේවා ගූගල් ක්‍රෝම් වගේ ආරක්ෂාකාරී නැහැ. අනික ඒවාගෙන් ඔයාගෙ සිස්ටම් එකත් ගොඩාක් ස්ලෝ කරනවා.

05. නොදන්නා ඩිවලොපර්ස්ලා දෙන ඇන්ටි වෛරස් ප්‍රෝගෑම්ස්

සාමාන්‍යයෙන් කෙනෙක් ෆෝන් එක්ක් හැක් කරන්න උත්සහා කරාම ඇන්ටි වෛරස් ප්‍රෝග්‍රෑම් එකක් ඇපියර් වෙනවා. මේ සදහා හැකර්ස්ලාගේ තියෙන කදිම උපායක් තමයි එයාලගේම ඇන්ටි වෛරස්ැප් එකක් හදලා දාන එක. ඇත්තටම මේ ජාතියේ ඇප්ස් වලට ඔයාගේ තොරතුරු හොරකන් කරනවා වගේම, ෆෝන් එක බ්ලොක් කරලා දාන්නත් පුලුවන්.

06. අමතර ෆීචර්ස් සමග එන බ්‍රවුසර්ස්

මේ වගේ බ්‍ර්වුසර්ස් වල ගොඩාක් වෙලාවට වීඩියෝ බලන්න, ලයිව් ස්ට්‍රීමිං වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. මේ වගේ ඇප්ස් වල ප්‍රධාන වශ‍යෙන් හානි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වගේ ඇප්ස් වල ඇදහිය නොහැකි තරම් ඇඩ්ස් තියෙනවා. ඒක හරිම කරදරකාරීයි. දෙවනි එක තමයි මේ ඇප්ස් වලින් ඔයාගේ ෆෝන් එකේ සිස්ටම් එකේ කොටස් වලට ඇක්සස් ඉල්ලනවා. ඒක හරිම අනාරක්ෂිත දෙයක්.

07. රැම් එකේ ධාරිතාව වැඩි කරන ඇප්ස්

ඔයාගේ ෆෝන් එකේ රැම් එක වැඩිකරන බව කියන ඇප්ස් ඇත්තටම ඔප්ටිමයිසර්ස්. අපි ඒවා ගැන කලින් කතා කරා. මේවට කරන්න පුලුවන් ඔයාගේ ෆෝන් එකේ කෑෂ් මෙමරි එක ඩිලීට් කරනවා වගේ දේවල් පමණයි. ඒවා ඔයාට ඔයාගේ ෆෝන් එකෙන්ම වුනත් කරගන්න පුලුවන්. ඇත්තටම කිව්වොත් ඔයාගේ ෆෝන් එක එනකොටම ආපු රැම් එකේ ධාරිතාව වැඩි කරන්න කිසිම ඇප් එකකට බැහැ. මේ වගේ ඇප්ස් වලින් කරන්නේ ඔයාගේ ඩේටා හොරකන් කරන එකයි.

08. ලයි ඩිටෙක්ටර්ස්

මෙේවගේ ඇප්ස් නම් ඇත්තටම විහිළුවට හදලා දාලා තියෙන ඒවා.සමහර විට අනාගතයේදී බොරු කිව්වම හඳුනා ගන්නා බයෝමෙට්‍රික් සෙන්සර්ස් සහිත ෆෝන් එන්නත් පුලුවන් කමක් තියෙනවා. මේකේදී වෙන්නේ ප්‍රශ්ණයක් ඇහුවම අදාල කෙනාගේ හෘද ස්පන්දන වේගය අනුව එයා කියන්නේ බොරුවක්ද කියලා හඳුනා ගන්න එකයි. ඉතිං දැනටනම් මේ වගේ ඇප් එකක් ත්වම එවලා නැහැ. ඒ වගේ තියෙන ඇප් වලින් එහෙම්දෙයක් වෙන්නේ නෑ. ඒ වගෙේඇප් වලින් ඔයාගේ ෆෝන් එකේ බැටරිය බසවනවා. තව්දෙයක් තමයි මේ වගේ ඇප් ඉන්ස්ටෝල් කරත්දී සිස්ටම් එකට ඇක්සස් ඉල්ලනවානම් ඒවා ඉන්ටෝල් කරන්න එපා.

09. ඩිෆ්‍රැග්මෙන්ටේෂන් ඇප්ස්

ඔයා දන්නවනේ මේ සිස්ටම් එක කම්පියුටර්ස් වල හාර්ඩ් ඩිස්ක් එක සදහා එන එකක්. ෆෝන් වල හාර්ඩ් ඩිස්ක් එකක් නැහැ. ඒ නිසා ඩිෆ්‍රැග්මන්ට් කරන්න දෙයක් නෑ. මේ වගේ ඇප් වලින් කරන්නේ ඔයාගේ ෆෝන් එකේ මෙමරි එක ඇනලයිස් කරලා පෙන්වන එකයි. තව මේ වගේ ඇප් හදලා එවන ගොඩක් ඩිවලොපර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ දත්ත හොරකන් කරන්නයි.

හැමදාම එක එක ජාතියේ ඇප්ස් ප්ලේ ස්ටෝර් එකට දානවා. ගූගල්ලට මේ ඔක්කොම ට්‍රැක් කර්න්නත් සේෆ්ටි එක චෙක් කරන්නත් බැහැ. ඒක නිසා ඔයා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන කොට ඒ ගැන ටිකක් හොයලා බලලා කරන එක තමයි හොඳම දේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!