තරු හුට පට

දැක්කද? ඩුප්ලිකේට් බන්දු…

බන්දු සමරසිංහ කියන්නේ මෙරට සිනමාවේ ලොකු කුඩා කවුරුත් දන්නා විකට චරිතයක් නේ. මේ නිසා ඔහු මෙරට සුවහසක් ජනතාවගේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. කොහොම වුණත් ඇහැට ඇහක් කියන්නා වගේ බන්දු සමරසිංහටම හරියන තවත් බන්දු සමරසිංහ කෙනෙක් එහෙමත් නැතිනම් ඩුප්ලිකේට් බන්දු කෙනෙක් අපි‍ට මේ ළඟදී දවසක හමුවුණා.

ඔහු ජනක කුමාර නොහොත් බිංදු බෝතලේගම. මෙයාගේ ගම ඇඹිලිපිටිය, සෙවනගල, දැන් නැවතිලා ඉන්නේ පිළියන්දල, වෑවල. වයස අවුරුදු 27යි. රැකියාව මේසන් වැඩ.

ඩුප්ලිකේට් බන්දු අපිත් එක්ක එයා ගැන කිව්වේ මේ වගේ කතාවක්…

දවසක් මෙයා යහළුවොත් එක්ක නාන්න ගිය වේලාවක ගලක වැදිලා කටේ උඩු ඇන්දේ දතක් ගැලවිලා. ඉතින් මේ දත ගැලවුණාට පස්සේ එයා හිනාවෙන විදිය කතා කරන විදිය දැකලා යහළුවෝ කියලා තියෙන්නේ උඹ දැන් බන්දු සමරසිංහම තමයි කියලා.

ඒ කතාවෙන් පස්සේ අපි මේ කියන ඩුප්ලිකේට් බන්දුත් බන්දු සමරසිංහ ඉන්න චිත්‍රපටි බලන්න පුරුදුවෙලා. ඔහොම චිත්‍රපටි බලන ගමන් අර කියන්නා වගේ බන්දු සමරසිංහ වගේම කතා කරන්න, නටන්න, සිංදු කියන්න මෙයා පටන්ගෙන..

ඒ උත්සාහය අසාර්ථක වෙලා නෑ වගෙයි මේ ඡායා රූප ටික හා වීඩි‍යෝව බැලුවාම අපිට නම් පෙනුණේ.

අපි මේ ඩුප්ලිකේට් බන්දු ඉස්සල්ලාම හඳුන්වාදුන්නේ ටී.වී දෙරණේ ලෝකයා ‍සහ ලෝකය වැඩසටහනින්.

කතා ඇති ඩුප්ලිකේට් බන්දුගේ පින්තූරත් වී‍ඩියෝවත් බැලුවාම මේ කියන කතාව බොරුද කියලා බලාගන්න ඔබට පුළුවන්.

අනිත් වැදගත්ම කාරණය තමයි දවසක් මේ ඩුප්ලිකේට් බන්දුට ඔරිජිනල් එහෙමත් නැති නම් රටේ කවුරුත් දන්නා බන්දු සමරසිංහ මුණ ගැසිලා තියෙනවා.

ඒ වෙලාවේ දෙන්නාත් එක්ක කතා කරන ගමන් දන්නවාද බන්දු සමරසිංහ අපේ ඩුප්ලිකේට් බන්දුට මොකක්ද කියලා තියෙන්නේ කියලා.

“ඔහොම යමන්කෝ ඉස්සරහට ඉතුරු දත් ටිකක් ගැලවෙයි කියලා” ලු.

මෙන්න බලන්න ඩුප්ලිකේට් බන්දුගේ වැඩ…

IMG_9511 [1600x1200] IMG_9512 [1600x1200]  IMG_9514 [1600x1200]  IMG_9516 [1600x1200]  IMG_9519 [1600x1200] IMG_9498 [1600x1200]  IMG_9500 [1600x1200] IMG_9501 [1600x1200]  IMG_9503 [1600x1200]  IMG_9505 [1600x1200]  IMG_9507 [1600x1200]  IMG_9509 [1600x1200]

1 Comment

1 Comment

  1. Prabhath Waidyasuriya

    February 14, 2015 at 2:48 am

    Api meyawa dannawaaaaa……… meyage film ekak thiyenawane KALABARA HERA kiyala… supirima thamai aaaaa….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!