Health & Beauty

දත් කැක්කුම අඩු කරගන්න ලෙහෙසි ක්‍රම මෙන්න..

දත් කැක්කුම කියන්නේ ගොඩක් අයට ඇතිවෙන ප්‍රශ්නයක්.ඇත්තටම මේක හැදුහම සෑහෙන්න වේදනවක් විදින්න සිද්ද වෙනවා.කිසිම වැඩක් හරියට කරගන්න බැරිවෙනවා. දත් කැක්කුම ආව වෙලාවක කරන්න පුළුවන් සරල ප්‍රතිකාර ටිකක් තමයි අද කියලා දෙන්න යන්නේ .

01. අයිස් කැට

අයිස් කැට කියන්නේ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දෙයක්. අයිස් කැට කිහිපයක් අරන් වේදනාව දැනෙන ස්ථානයේ රඳවා ගත්තානම් දත් කැක්කුම ක්ෂණිකයෙන් අඩු වී යන ආකාරය ඔබටම දැනෙයි. නැතිනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කැබැල්ලක ඔතා වේදනාව දැනෙන ස්ථානයේ කම්මුල මතු පිටින් සෙමින් අතුල්ලන්න.

මෙහිදී සිදු වන්නේ වේදනාවන් හා සම්බන්ධ ස්නායු අයිස් මගින් සිර කිරීමක්.

02. ලූණු

ලූණු ගෙඩියක් කියන්නෙත් අපිට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක්. දත් කැක්කුමක් ඇති වුන වේලාවක ලූණු ගෙඩියක් සැපීම හෝ ලූණු පෙත්තක් වේදනාව දැනෙන ස්ථානයේ තබාගෙන බලන්න වේදනාව ඉක්මණින් අඩු වේවි.

ලූණුවල ඇති විෂබීජ නාෂක ගුණය සහ ප්‍රතිජීවක ගුණය දත් කැක්කුම සමනය කරවනවා.

03. ඉඟුරු

දත් කැක්කුමක් සෑදුනු අවස්ථාවක ඉඟුරු කැබැල්ලක පොත්ත ඉවත් කර මුව තුළ රඳවාගෙන සපන්න. ඉක්මන් සහනයක් අවශ්‍ය නම් ඉඟුරු කෑල්ලක් තලා එම තලපය වේදනාව දැනෙන තැන තවරා ගන්න.

04. දෙහි

පහසුවෙන සොයා ගත හැකි දෙහි මගින් වේදනාව සමනය කරගන්නේ මෙහෙමයි. දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ අතුල්ලන්න. දෙහිවල තියෙන සිට්‍රික් ඇසිඩ් හා විටමින් සී දත්වලට සහ විදුරුමහට සහනයක් ලබාදෙනවා.

05. කරාබුනැටි

කරාබු නැටිවල තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණය නිසා දත් කැක්කුම සමනය කරගන්න පහසුයි. ඔබ කරන්න අවශ්‍ය වන්නේ වේදනාව දැනේන ස්ථානයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. නැතිනම් කරාබු නැටි තෙල් හා වතුර එකට කළවම් කර මුව සේදිමෙන් ද වේදනාව නැති කරගන්න පුලුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!