තරු හුට පට

තාමත් සුදුසුකෙනා බලාපොරොත්තුවෙන් ඉන්නවා

අනූෂා දමයන්ති කියන්නේ ඔයාලා අපි කොයි කවුරුත් හොඳට අඳුනන රංගන ශිල්පිණියක් වගේම නර්ථන ශිල්පිණියක්නේ. මෙදා සැරේ අනූෂා පළවෙනි පාරට අවුරුදු සමරන්න ගෙදර හිටියේ නෑ කියලා අපිට ආරංචි වුණා. ඒ ඩුබායිවල “වසන්ත උදානය” අවුරුදු උත්සවයේ නර්ථන ප්‍රසංගයට සහභාගී වුණ නිසාලු. හැබැයි ඉතින් ඒ තනියමනම් නෙමෙයි. ‍අනූෂාගේ අම්මත් එක්කම තමයි. ඉතින්අපි හිතුවා අද අනූෂාත් එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා.

“කොහොමද අනූෂා ජීවිතේ? මේ දවස්වලනම් ගොඩාක් කාර්යබහුලයි. නර්ථන ප්‍රසංග ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි විදේශ සංචාරත් මේ පාර වැඩියි.”

මොනවද අලුතෙන් කරපු නිර්මාණ? සමන් ලියනගේ අධ්‍යක්ෂණය කරපු ‘පෙම් සිත දැහැමි’ ටෙලියේ රූගත කිරීම් ඉවර වුණා. ‘සඳළු තලේ කුමාරිකාවෝ’ කියලා චිත්‍රපටියකත් රූගත කිරීම් ඉවරයි. ‘නිල් මුවැත්ති’, ‘වාසලදත්තා’ ඇතුළු චිත්‍රපටි තුනක රූගත කිරීම් කරන්න තියෙනවා.

ඒ දේවල් ‍එහෙම වෙද්දි අපි ඇහුවා පෞද්ගලික ජීවිතය ගැනත්… විවාහ වෙන්නත් දැන් කල වයස හරිනේ..? තාම නම් එහෙම කෙනෙක් හම්බවුණේ නෑ අනේ. සුදුසු කෙනා හම්බවෙනකම් ඉන්නවා කියලා අනූෂා හරි අපූරුවට හිනාවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!