Gossip

තාත්තා රට ඉදලා ගෙනත් දුන්න ජංගම දුරකතනය ආපසු ගත්තා කියලා තරුණයෙක් ගෙල කපාගන..

තාත්ත රට ඉදලා ඇවිත් ගෙනත් දුන්න ජංගම දුරකථනය ඔහු විසින් ආපසු ලබා ගැනීම නිසා කෝපයට පත් 18 හැවිරිදි තරුණයා පිහියකින් ගෙළ කපාගන සියදිවි හානි කරගන්න උත්සහ කර තිබෙනවා.

මේ සිදුවීම සිදුවෙලා තිබෙන්නේ යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වන අතර ගෙළ කපා ගැනීම නිසා අසාධ්‍ය තත්වයේ පසුවන තරුණයා පේදුරුතුඩුව රෝහලට ඇතුලත්කළද ඔහුගේ තත්වය බරපතල නිසා ඔහුව යාපනය ශික්ෂණ රෝහලට මාරුකර තිබෙනවා.

තරුණයාගේ පියා කැනඩාවේ සිට පැමිණිමේදී තරුණයාට මිල අධික වර්ගයේ ජංගම දුරකථනයක් ගෙනැවිත් දී තිබෙනවා. ජංගම දුරකථනය ලැබීමෙන් අනතුරුව කිසිම අධ්‍යපන කටයුක්තක් හෝ නිවසේ කිසිදු කටයුක්තක් සිදුකරලා නැහැ. මේ සම්බන්ධයෙන් මව සහ ඔහු අතර නිතර රංඩු ඇතිවීම හේතුවෙන් පියා විසින් ජංගම දුරකතනය ආපසු ලබාගන තිබෙනවා.
මේ නිසා කෝපයට පත් තරුණය ඊයේ (16) සවස පිහියෙන් ගෙල කපාගන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!