Gossip

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ(28) රාත්‍රියේ වාර්තා වුණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 115 කි.

මෙරටදී කොරෝනා වැළඳුණු පළමු ආසාදිතයා ඉකුත් මාර්තු 11 වැනිදා හඳුනාගැනුණු අතර අද පෙරවරු 11.30 වන විට නව කොරෝනා ආසාදිතයන් 115 දෙනකු හඳුනාගෙන තිබුණි.

මේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි.

කොරෝනා වැළඳුණු 104 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 199 දෙනකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!