Gossip

තරු පහේ හෝටලයක, සුපිරි තරු 600 ක් විතර, ලක්ෂ ගණන් වටින තෑගි එක්ක, ජීවිතේට අමතක නොවෙන්න චන්දිමාල් ජයසිංහ දීපු සුපිරි උපන් දින සාදය මෙන්න – Photos

අපි කවුරුත් උපන්දිනයට කේක් එකක් හදලා යාළුවෝ දෙතුන් දෙනෙකුට කියලා පොඩි පාර්ටියක් දාන එක සාමාන්‍ය දෙයක්.

ඒත් අද උපන් දින සාදයත් රැල්ලක් වෙලා.. සමහරු කාලයක ඉඳන් ප්ලෑන් කරලා උපන් දිනය දවසේ සප්‍රයිස් පාර්ටි දෙනවා. තවත් සමහරු තමන්ගේ උපන්දිනය අසරණ මිනිස්සු වෙනුවෙන් කැපකරනවා.

අපි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් අමුතුම උපන් දින සාදයක් ගැනයි.

රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

මේ උපන් දිනය සාමාන්‍ය උපන්දින උත්සවයකට වඩා බොහෝ සෙයින් වෙනස් සාදයක් කියලයි අපිට දැනගන්නනම් ලැබුණේ.

මෙම උපන් දින සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වෙන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙවර ඔහුගේ උපන්දිනය සමරා තිබුණේ කොළඹ තරු පහේ හෝටලයක් වන ශ්‍රැන්ගිලා හෝටලයේයි.

කොහොම වුණත් මේ සාදයට ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය තරු සමග 600කට අධික ප්‍රමාණයක් පිරිවරා ගනිමින් පැවැත්වෙන බවටත් ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

මේ සඳහා සහභාගීවී සිටින නළු නිළියන්ද සිය ඇඳුම් මෝස්තරයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති අතර සාමාන්‍ය සරල විලාසිතාවන්ට එහා ගිය රාජකීය සම්ප්‍රදායට අනුකූලව වූ ඇඳුම් මෝස්තරවලින් හැඩවී මොවුන් මේ සඳහා සහභාගී වී සිටියා.

කෙසේවෙතත් බොහෝ දෙනා අතර මේ උපන්දින සාදය ගැනනම් ඇත්තේ එතරම් යහපත් ආකල්පයක් නොවේ.

මොහුගේ මෙම උපන්දින සාදය වෙනුවෙන් වෙන් කළ මුදල් ආපදාවන්ට ලක් වී අසරණ වූවන් වෙනුවෙන් පරිත්‍යාග කළේ නම් ඉන් අසරණ තත්වයට පත්ව සිටින මිනිසුන් කෙතරම් සතුටට පත්වනු ඇත් දැයි යන්න බෙහෝ දෙනාගේ මතය වී තිබුණා.

මෙම උපන් දින සාදයට පැමිණි සුපිරි තරු වෙනුවෙන් තරඟද සංවිධාන කර තිබූ බවත් ඒ වෙනුවෙන් ඉතා අධික මුදලක් වැය කරමින් ත්‍යාගද ලබාදුන් බවත් වාර්තා වුණා.

මේ එහි ඡායාරූපයි….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!