Gossip

තරුණියට 21 යි – සිසුවාට 15 යි -අක්කා මල්ලී සම්බන්ධය දුරදිග ගොස් නැවතුනු තැන?

විසිඑක්‌ හැවිරිදි තරුණියක්‌ සමග විෂමාචාර ක්‍රියාවන්වල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ පහළොස්‌ හැවිරිදි සිසුවකු පිළිබදව ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ ගාල්ල ප්‍රදේශයෙන්.

මෙම 15 හැවිරිදි සිසුවා සහ තරුණිය අසල්වැසියන් වන අතර සිසුවා නිතරම ඇයගේ නිවසට යැමට පුරුදුව ඇති අතර ඔවුනොවුන් දෙදෙනාට ආමන්ත්‍රණය කරගෙන ඇත්තේද අක්‌කා සහ මල්ලි යනුවෙන් යැයි පොලිසිය විසින් කරන ලද පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගේ වයස අනුවත් සිසුවා බාල වයස්‌කරුවකු නිසාත් දෙමව්පියන් ඒ පිළිබඳව සැක සිතා නැහැ.

එහෙත් පසුව එම සහෝදරකම ඊට එහාගිය එකක්‌ බවට දැන ගැනීමෙන් පසු දෙමව්පියන් දෙදෙනාටම අවවාද කර ඇති අතර සිසුවා පසුගිය මාසයේ සිට පාසල් ගමනද නතර කර තිබෙනවා.

මේ අතර තම දියණිය දින තුනක සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව ඒ සම්බන්ධයෙන් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ඇය සමග මාතර බස්‌ නැවතුම්පළට ගිය අතර එහිදී දුරකථන ඇමතුමක්‌ දී ඇය වෙනත් අයියා කෙනෙකු සමග ගිය බවයි.

පොලීසිය විසින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව අදාල සිසුවා මැයි 9 දින දක්‌වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!