Gossip

තරග තහනම නිසා ඩේවිඩ් වෝර්නර් සමුගනියි

ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුව තමන්ට අත්වූ තරග තහනමෙන් පසු ඩේවිඩ් වෝර්නර් මාධ්‍යය ඉදිරියේ පෙනි සිටි අතර එහිදි කඳුලු පිරි දෙනෙතින් වෝර්නර් සමාව ඉල්ලා සිටියා. සිදුවූ සෑම දෙයකටම වගකීම තමන් විසින් ලබා ගන්නවා යැයි කී වෝර්නර් නැවත වතාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවද පැවසූවා. මේ අනුව වෝර්නර් පැවසූවේ තමන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් සමුගන්නා බවයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝර්නර් මාධ්‍යය අමතා සිදුකළ මෙම ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුව පලුදු කරන දර්ශන පටිගත වීම මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර ඉන්පසු ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝර්නර්ට වසරක බැගින් තරග තහනමක් පැනවූවා.

දැඩි හිතුවක්කාරී ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධ ඩේවිඩ් වෝර්නර් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයට ලක්වූ ක්‍රීඩකයෙක්.

මින් පෙර එංගලන්ත සංචාරයකදි එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ට සමාජ ශාලාවකදි පහර දුන් වෝර්නර් පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී දකුණු අප්‍රීකානු ක්‍රීඩක ඩී කොක්ට පහර දීම රසිකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වූවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!