Gossip

තරගය පරාජය වුවත් ඉන්දීය සුපිරි පන්දු යවන්නන් දණගැස්සූ කුසල්ගේ සුපිරි ඉනිම මෙන්න – වීඩියෝ

තරග තුනකින් සමන්විත ඉන්දියා ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්වුණා.
ඒ ලකුණු 88 කින්.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුලදී කඩුලු පහක් පමණක් දැවී ලකුණු 260 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා පිළට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 173 ක් පමණයි.
දැවැන්ත ඉලක්කයක් පසුපස හඹාගිය ශ්‍රී ලංකා පිළ යම් ස්ථාවරයකට ගෙන ආ කුසල් ජනිත් පෙරේරාගේ සුපිරි ඉනිම ගැන කවුරුත් කතා කළා.
කුසල් පන්දු 37 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 77 ක් ලබාගත්තා.
ජයග්‍රහණයේ බලාපොරොත්තු කුසල් එක්කළද ඔහු දැවී යාමත් සමඟ ඒ සියල්ල බොඳවී ගියා.

කුසල්ගේ සුපිරි ඉනිමේ වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!