Gossip

තම දියණියව මහ පාරේ සොයා ගිය වයස අවුරුදු 90ක වයෝවෘද්ධ අම්මා – Video

කෑගල්ලේ දේවාලෙගම බටුවත්තේ තම ලේලි සමග ජීවත් වූ නමින් “ලයිසා” අම්මා වයස  අවුරුදු 90ක තිදරු මවක්.

මේ අම්මා තමන් ජීවත්වුනු  නිවසේ කිසිවකුටවත් නොකියා , අනුරාධපුර ඥානික්කුලම පදිංචි තම දියණිය ගේ නිවසට යෑමේ අරමුණින් ඊයෙ උදෑසන නිවසේන පිටත්ව තිබෙනවා. පසු ව කෑගල්ලේ සිට කුරුණෑගල දක්වා බස් රථයකින් පැමිණ එතැන් සිට වෙනත් බස් රථයකින් අනුරාධපුර බලා පිටත් වී තිබෙනවා.

ඒ අතර තුර  ඥානික්කුලමට කිලෝමීටර් 30 තිහකට පමන  තිබියදී  මරදන්කඩවල දී , බසයේ කොන්දොස්තර මහතා මේ මෑණියන් බස් රථයෙන් බස් රථයෙන් බැස්සූ බවයි මෑණිය කියා සිටින්නේ. පසුව  වයස අවුරුදු 90ක් වූ වයෝවෘද්ධ මේ  මෑණියට තම දියණිය සොයා ගැනීමට නොහැකි ව මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ඇවිද ගොස් තිබෙනවා . පසුව එම වයෝවෘද්ධ මෑනියට ගමන් මහන්සිය සහ තෙහෙට්ටුව නිසාවෙන්, මර්ගයේ පිහිටි මිදිවත්ත ශ්‍රී සාන්ත ප්‍රදීප් ආරාම විහාරස්ථානය  අසල  බිම ඇද වැටී සිටිණු , ප්‍රදේශවාසීන් හා විහාරයේ වැඩවසන කොප්පිටියාවේ සාගර පොඩි හාමුදුරුවන් වහන්සේ දැක. විහාරස්ථානයට රැගෙන ගොස් 1990 ගිලන් රථ සේවය මගින් කැකිරාව ප්‍රාදේශීය  රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව කැකිරාව  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජයන්ත විමල් විජේසූරිය මහතා ඇතුළු කැකිරාව රෝහලේ වෛද්‍ය වරුන්හා රෝහල් කාර්ය මණ්ඩලය මේ මෑණියන්ට ප්‍රතිකාර කර ඇති අතර. ඉන් පසු රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත්ව මේ මෑණියන්ගේ දියණිය යැයි පවසන අනුරාධපුර – ඥානික්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටින එම දියණිය සොයා මේ අද දිනයේ දී  වයස අවුරුදු 90ක් වූ  එම මෑණිය භාරදීමට බාර දීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මේ මෑණිය පවසා සිටියේ, මේ ආකාරයෙන් තනියම බස් රථයක නැග කෑගල්ලේ සිට  ඥානික්කුලම පදිංචිව සිටින තම දියණිය ගේ නිවසට යාමට තීරණය කර ඇත්තේ , එම මෑනිය ජීවත්වූ නිවැසියන් තමන්ට ආහාර පාන හා බේත් හේත් ආදීය ලබා දුන්නද, තම දියණියන් හා සියලු දෙනා උදෑසනින්ම රාජකාරී සදහා නිවසෙන් පිටවගොස් නැවත රාත්‍රියේ නිවසට පැමිණීම නිසාවෙන් තමන් සමග නිතර කතා බහ කර පාළුව කාන්සිය මකා ගැනීමට කිසිවෙක් නොමැති කම නිසා බව අපට කියා සිටියා.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!