හැඟීම්වලට වහල් වෙලා සමහර තරුණියන් විවාහයට කළින්ම ගැබ් අරගෙන අහිංසක ජීවිතයක් නැතිකරන තැනට පත්වුණු සිදුවීම් ගැන ඔබත් නිතරම අහලා ඇති.
ඒ විදිහට රටේ දවසට කීදෙනෙක්නම් නීතිවිරෝධීව ගබ්සා කරනවද..?
සමහර වෙලාවට නැතිබැරිකම් නිසා සමහරු ඒ විදිහේ තීරණ ගන්නවා.
මොන හේතුවක් නිසා වුණත් කිසිදෙයක් නොදන්න අහිංසක ජීවිතයක් මරා දානවා කියන එක මොනවිදිහකින්වත් අනුමත කරන්න බැහැ.
මේ ගැන ලියවුණු අපූරු සටහනක් අපි ඔබට ඉදිරිපත් කරන්න හිතුවා.
ඔබත් මේ කතාව කියවලා ටිකක් හිතලා බලන්න…
කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.
දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?
කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.
දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.
කාන්තාව :- ඒත් ඩොක්ටර්… මට මේක කොහොමහරි කරගන්න ඕනෙ.
දොස්තර :- නෑ මම ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි. (කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)
දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ.
කාන්තාව :- ඔව් ඩොක්ටර්.
දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න.
කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද?
දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.
දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහිංසක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහිංසක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා. තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද..?