තරු හුට පට

ඩිනක්ෂී බැඳලද….?

ඩිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි දන්න හඳුනන ප්‍රියාසාද් පවුලේ තාරකාවියන් තුන් දෙනාගෙන් ලොක්කිනේ.

දිනක්ෂි ගැන මේ දවස් වල වැඩිපුර කතා බහ කරන්න පටන් ගත්තේ ඇය පසුගිය දවසක ලබා ගත් ජනප්‍රියම සම්මානය නිසාවෙන් හා ඇයගේ නවතම සිනමා පටය නිසාවෙනුයි.

ඒ තම ආදරණීය පියාණන් අතින් නිර්මාණය වු ඩබල් ට්‍රබල් සිනමා පටය සඳහා ඩිනක්ෂී රඟනයට අමතරව සහය අධ්‍යක්ෂණය පැත්තෙනුත් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා.

විශාල  ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටන මේ රූමතිය පසුගිය දවසක ඇගේ ෆේස් බුක් වෙබ් අඩවියේ අපුරු ඡායාරුවක් පළ කලා.

ඒ ඡායාරුවේ ඇය පෙනී සිටින්නේ මංගල ඇඳුමකින් සැරසීලයි.

ඊට පසුව පළ කළ ඡායා රූපයන්වල  මනමාලයෙකුත් හා පරිවාර සේනාවක්ද හිටපු හින්දා මේ වැඩේ එක සැරේටම පත්තු  වුණා.

ඉතින් ඇත්තටම ඩිනක්ෂි බැඳලද කියලා හැමෝම අහන්න පටන් ගත්තා.

නමුත් මේ ගැන වැඩිදුරටත් හොයල  බලන්න  අපි ඩිනක්ෂිට කතා කරාලාම බැලුවා.

එතකොට තමයි මෙකේ ඇත්ත දැනගත්තේ.

ඇත්තටම ඩිනක්ෂි  බැඳලා නෑ.  මේක ටෙලි නාට්‍යයක රූ ගත කීරිමක් විතරයිලු.

ඉතින් ඩිනක්ෂි බඳින කොට අපිට නොකියා ඉඳීද?


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!