Gossip

ටේලර් ස්විෆ්ට්, මයිකල් ජැක්සන්ව පරදවයි?

ගී ලොව කිරුළ දැරූ මයිකල් ජැක්සන් AMA හෙවත් ඇමරිකානු සංගීත සම්මාන (American Music Awards) 24ක් දිනාගෙන තිබුණා. එය වාර්තාවක් හැටියටයි සැලකෙන්නේ. එවැනි සම්මාන ගණනක් මෙතෙක් කිසිම ගායකයෙකුට හෝ ගායිකාවකට දිනා ගැනීමට හැකිවී නැහැ.

නමුත් වත්මන් යොවුන් පරපුර අතර ඉහළ ප්‍රසාදයක් දිනා ගත් ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්, මයිකල් ජැක්සන්ගේ වාර්තාව බිඳ හෙළීමට ආසන්නව සිටින බවයි හොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. ඇය මේ වනවිට AMA සම්මාන 23ක් දිනාගෙන සිටිනවා. මේ සුපිරි ගායිකාව මුලින්ම සම්මානයක් දිනා ගත්තේ 2010 ජනවාරි 31දා. එදින ඇය කුළුඳුලේම පිදුම් ලැබුවේ ග්‍රැමී සම්මානයෙන්. 52 වැනි වරට පැවැත්වූ එම ග්‍රැමී සම්මාන උලෙළේදී ඇය, වසරේ හොඳම ගීත ඇල්බමය වෙනුවෙන් සහ තවත් සම්මාන 3ක් දිනා ගත්තා. එතැන් පටන් තවත් ඉදිරියට ගිය ඇගේ ගීත චාරිකාව තුළ ග්‍රැමී සම්මාන 10ක්, බිල්බෝඩ් සම්මාන 23ක් ඇතුළු තවත් සම්මාන රැසක්ම දිනා ගන්නට ඇය සමත් වූවා.

ටේලර් ස්විෆ්ට් ගේ ගායන දිවියේ තීරණාත්මක දිනය ලබන මස 24දා උදාවෙනවා. එදින ඇයට වසරේ ජනප්‍රිය සම්මාන (AMA) උලෙළ පැවැත්වෙන්නේ. එදින ඇයට වසරේ ජනප්‍රිය සම්මානය හිමිවෙයිද? පොප් ගී ලොව රජු, මයිකල් ජැක්සන් ලද AMA සම්මාන වාර්තාව බිඳ හෙළීමට ඇයට හැකිවේවිද? ලොව පුරා විසිරී සිටින මිලියන ගණනක්වූ රසික ජනතාව දැන් බලා සිටින්නේ ඒ දෙසයි. මේ අතර AMA සම්මාන උලෙළේදී මේ දශකයේ ගී ලොව විශිෂ්ටතම ගායිකාව ලෙස ටේලර් ස්විෆ්ට් නම් කෙරෙනු ඇතැයි බටහිර පුවත් වාර්තාවල සටහන් වෙනවා. මේ සම්මාන උලෙළේදී වේදිකාවට පිවිස තමන්ගේ ජනප්‍රිය ගීත කිහිපයක්ම ගැයීමට ස්විෆ්ට් ලක ලැහැස්ති වෙමින් සිටින බවයි ආරංචි.

උපුටා ගැනිම – සිළුමිණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!