Gossip

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දමා තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි.

තමන්ට එරෙහිව තීන්දුව ලබාදී ඇත්තේ දෙපාර්ශවයේම කරුණු විශ්ලේෂණය කිරීමකින් තොරව බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයෙන් දක්වා ඇත්තේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරුණා.

නඩු විභාගයෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග තීන්දු කළේ සාපරාධී අඩන්තෙට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා දෙකටම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!