Gossip

ජීවිතාන්තය දක්වා රට පාලනය කිරීමේ බලය ජනපතිට හිමිවෙයි – ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය

චීනයේ ජනාධිපති ෂි ජින්පින් කාල සීමාවකින් තොරව දිගටම බලයේ සිටීමට මඟ සලසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙනවා.
ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතියද හිමිව තිබුණා.
ජාතික මන්ත්‍රණ සභාවේ අතිබහුතර බලය මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය දී තිබුණා.
නියෝජිතයන් දෙදෙනෙක් යෝජනාවට විපක්ෂව ඡන්දය දී ඇති අතර තිදෙනෙක් පැමිණ නැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණා.
වසර ගණනාවක් මෑත ඉතිහාසයේ චීනයේ ජනාධිපතිවරුන් වසර දහයක නිල කාලයකට සීමා වූ අතර එය නිලකාල දෙකකින් ආවරණය විය.
ජනාධිපති නිල කාලය සඳහා පැවති දස අවුරුදු කාල සීමාව ඉවත් කරනු ලැබීම මගින් ජනාධිපති ෂි ජින්පින්ට සංවර්ධන ව්‍යාපෘතීන් අධීක්ෂණයට මග සැලසීමත් සමඟ රටේ නායකත්වය ශක්තිමත් වනු ඇතැයි පාලක චීන කොමියුනිස්ට් පක්ෂය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!