Gossip

“ජීවිතයේ මහා ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්නෙ නැහැ.. තනිකඩව ඉන්න කල්පනාවක් නැහැ..”

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ දෙවෙනියා.

ඇය ගැන පසුගිය කාලයේ විවිධ කතා මතුවීමත් සමග ඇය ක්ෂේත්‍රයේ කිසිදු වැඩක හෝ සමාජජාල මාධ්‍යයන්වල හෝ දක්නට ලැබුණේ නැහැ.
දැන් ඇය ආයෙමත් කරළියට ඇවිත්.
මේ ඇයගේ අලුත්ම තොරතුරුයි.

ශේෂාද්‍රි කොහොමද ජීවිතය?
හොඳයි, හොඳින් ඉන්නවා.

මොනවද අලූත් විස්තර?
දවස් පහම ඉස්කෝලේ යනවා. දැන් මම ගුරුවරියක්නෙ.

ඒ වෘත්තිය දැනෙන්නෙ කොහොමද?
හරිම තෘප්තිමත්, හරි සතුටින් මම ඒ කාර්යයේ නියැලෙන්නෙ.

මොනවගේ විෂයයන්ද උගන්වන්නෙ?
දෙවැනි ශ්‍රේණියේ ළමුන්ට තමයි උගන්වන්නෙ.
පුංචි ළමයි ඔක්කෝම හරි එකතුයි මාත් එක්ක. හිතේ නිදහසෙන් කරන්න පුළුවන් වෘත්තියක්.
මේ වසරේදී තමයි මෙම වෘත්තිය පටන් ගත්තෙ. ඒ නිසා අනෙක් ගුරු මඩුල්ලෙන් ලැබෙන සහයෝගය හරි ඉහළයි.

අන්තිමට රඟපෑවෙ?
රිලීස් වුණේ නම් සූම්.

ටෙලිනාට්‍ය?
මේ දක්වා මම ටෙලිනාට්‍යවල රඟපාලා නැහැ.

හිතක් නැද්ද ටෙලිනාට්‍යවල රඟපාන්න?
තවම නැහැ.

ශේෂාද්‍රි හරිම ලස්සන වෙලා. මොකක්ද එහි රහස?
විශේෂ දෙයක් කරන්නෙ නැහැ. දවසේ වැඩ ටික කරලා. කාලා බීලා සතුටින් ඉන්නවා. විශේෂ වෙනසක් වෙලා නැහැ.

ජීවිතයේ ගෙවීගිය පසුගිය කාලය සහ අද ගැන හිතන්නෙ කොහොමද?
ජීවිතයේ මහා ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්නෙ නැහැ.
එන විදියට මුහුණදීලා, කළ යුතු දේ හරියට කිරීමට උත්සාහ ගන්නවා. ජීවිතයට හොඳ අත්තිවාරමක් ඇති කර ගන්න ඕනෑ.
ගෙවී ගිය ජීවිතයේ මුහුණ දුන්න සිදුවීම් ජීවිතයට අත්දැකීම් කරගෙන ඉදිරියට මුහුණ දෙනවා.

රඟපෑමෙන් ඉවත්ව සිටීම දිගටම සිදුවේවිද?
මම හිතන්නෙ මට පුළුවන් කාලයේදී බොහෝ දේට දායක වුණා. දැන් මගේ අරමුණ නියැලෙන වෘත්තිය හරියට කිරීමයි.
එම වෘත්තිය වෙතින් හොඳ අත්තිවාරමක් ඇතිකර ගැනීම තමයි අරමුණ.

දිගටම තනිකඩව ඉන්නද කල්පනාව?
අපෝ නැහැ.

ඒ කියන්නෙ වෙනසක් වෙන්නයි හදන්නෙ?
කාලය එක්ක සියලූ දේ වෙනස් වෙනවනෙ. ඔව්, මගේ ජීවිතයේත් වෙනසක් වේවි.

දැන් ඒකට අත්තිවාරම වැටිලද?
අත්තිවාරම ඇතිවෙමින් පවතිනවා.

ශේෂාද්‍රි ආදරය විග්‍රහ කරන්නෙ කොහොමද?
ස්වභාවය වෙනස්. එකම දෙයක් විදියට කියන්නත් බැහැ. අම්මා, තාත්තා, අක්කා, නංගි මේ අයගෙන් ලැබෙන ආදරයෙ ස්වභාවයත් එකිනෙකාට වෙනස්. විදිය වෙනස්. දෙදෙනෙක් අතර ඇතිවන ආදරයත් ඒ වගේ තමයි.

කොහොමද අද දවසේ ලැබෙන ප්‍රතිචාර?
ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහා ලැබෙන ප්‍රතිචාර ඉහළයි. බොහෝදෙනා වෙතින් ඒක දැනෙනවා. ඒ හැමෝටම ශේෂාද්‍රිගෙ ස්තුතිය පිරිනමන්න කැමතියි.

කොපමණ කාලයකට පසුවද මේ වගේ පිළිසඳරකට එක්වුණේ?
අවුරුදු හතරකට විතර පසුව.

අක්කා නගාලා එකතු වුණාම කොහොමද දවස ගෙවෙන්නෙ?
හොඳයි ඉතින්. අපි හරි සතුටින් දවස ගෙවනවා. හොඳ සහෝදරියන්, ඒ වගේම හොඳ යෙහෙළියන් තුන්දෙනෙක් වගෙයි.

තුන්දෙනාටම හොඳට ලස්සනට ගයන්න පුළුවනි. ත්‍රීසිස්ටර්ලාගෙ අඩුව පුරවමින් කරළිය හැඩගන්වන්න පුළුවනි නේද?
වෙලාවකට හිතෙනවා. අපි බලමු ඉදිරියේදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!