Gossip News

ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා රෝගියා ඉන්දියාවෙන් පැමිණි අයෙක්..

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දින 14ක නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.
මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන පුද්ගලයෙකු වන අතර ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිට පසුව නිවෙස් වෙත නිරෝධායනය වෙත යොමු කොට තිබෙනවා. ඒ PCR පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.
දින 14 ක කාලයක් නිවාස නිරෝධායනයේ යෙදී සිටිමින් සිටියදී ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙම පුද්ගලයාට සමාජය තුලින් වෛරසය බෝවීමක් සිදුව නොමැති බවයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!