Gossip News

ජාවාරම්මුන්ට නතුවූ දැවි තෙල් සෙල්ලම

නෞකාවලින් පිරිපහදු නොකළ හෝ ජලය මිශ්‍රිත සාමාන්‍ය ඉන්ධන ලබා ගනිමින් ගංගාවලට මුදා හැරීම ඇතැම් සමාගම් පාතාල ක්‍රියාකාරීන් සමග සිදු කරන බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය කළ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත.

එම නිසා ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් එවැනි ක්‍රියාකාරකම් වළක්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කිරීමට අධිකාරිය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය දැවි තෙල් ආනයන බලපත්‍ර ලබාගෙන ඇති සමාගම් 36ක දැවි තෙල් ලබා ගන්නේ ශ්‍රී ලංකාවට ආසන්නයේ ගමන් කරන නෞකාවලිනි. එම දැවි තෙල්වලට මුදල් ගෙවිය යුතුය. නමුත් ජලය මිශ්‍රිත සාමාන්‍ය ඉන්ධන නෞකාවලින් ලබා ගෙන කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට මුදා හැරීම නිසා පරිසර විනාශයක් සිදු වන බව මධ්‍යම පරිසර අධිකාරියද තහවුරු කරයි.

මෙම ජාවාරම නතර කිරීමට වරාය, ශ්‍රී ලංකා රේගුව තෙල් සංස්ථාව හා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඒකාබද්ධව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ පවසයි.

මෙම දිනවලද ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම්ලා ඇති නෞකාවකින් වතුර ටොන් 1500ක් මිශ්‍ර ඉන්ධන තොගයක් කැලණි ගඟට හෝ බස්නාහිර පළාතේ ගංගාවකට මේ වන විට මුදා හැර ඇතැත් ඒ පිළිබඳ වගකිවයුතු රාජ්‍ය ආයතන සොයා බලා නොමැත. සිංගප්පූරුවේ නම් මෙවැනි ජලය මිශ්‍රිත ඉන්ධන ඉවත් කිරීම සඳහා ටොන් එකකට සිංගප්පූරු ඩොලර් 300ක් අය කරන බව අනාවරණය වෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ මෙම දැවි තෙල් ජාවාරම මගින් වාර්ෂිකව රුපියල් මිලියන දසදහකටත් වැඩි මුදලක් රජයට අහිමි වන බවඉතා විශ්වාසදායි මාර්ගයකින් වාර්තා විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!